Friday 4 September 2015

මේ ආණ්ඩුව පට්ට ඕයි !




කලින් අකමැත්තෙන් සිටියත් , මානම් ඇත්තටම මේ ආණ්ඩුවට සහ මය්ත්‍රී ට දැන් කැමතිය. ඔවුන් හැකි සෑම උත්සාහයක් ම ගන්නේ තමන් චන්දයට පෙර වුන පොරොන්දු ඉෂ්ට කිරීමටය. ඇත්තටම කියනවා නම් මේ ආණ්ඩුව තරම් ජනතාවට දුන් පොරොන්දු අකුරක් නෑර ඉෂ්ට කිරීමට උත්සාහ කරන , ඒ වෙනුවෙන් අන්තිම දහදිය බින්දුව දක්වා කැප වෙන ආණ්ඩුවක් මෑත ඉතිහාසයේ නම් මම දැක නැත. සාමාන්‍යයෙන් වෙන්නේ එහි අනිත් පැත්තය. මැතිවරණ සමයේ දුන් පොරොන්දු දිනුවාට පසුව දුන්නා දැයි කියාවත් නොදන්නා සේ හැසිරෙන මෑත කාලින දේශපාලන සන්ධර්භය තුල මේ ආණ්ඩුවේ වගකිව යුතු සියලු දෙනා තම පොරොන්දු වලට දැඩි ලෙස බැඳී ඒවා තම වගකීමක් ලෙස සැලකීම ඇත්තටම හොඳ ආණ්ඩුවක ලක්ෂණයක් බව සිතමි.

උදාහරණ ගන්න.
මය්ත්‍රී පත්වුණේ UNP චන්ද වලිනි. ඔහු මේ දක්වා සෑම පියවරක් ම ගන්නේ තමන් පත් කල පක්ෂයට , ජනතාවට සාධාරණය ඉෂ්ට කිරීමටය. එහි ඇති වැරැද්ද කුමක් ද ? නිදහස්පක්ෂ කාරයන් වල්ගේ පාගා ගෙන මය්තිරි “අපේ එකෙක්” කියා සිතීම , මය්තිරි පස්සේ වැටීගෙන යාම , පක්ෂය ඔහුට පාවා දීම ඔවුන්ගේම මන්ධ බුද්ධික බවේ පිලිඹුවකි.

මය්ත්‍රී පැහැදිලිවම කවුරු දිනුවත් තමන් පත් කරන්නේ හවුල් ආණ්ඩුවක් බව කිව්වේය. ජනතාව කැමති විය. UNP එක ට බහුතර බලයක් දී එය ප්‍රධාන පක්ෂය කළේය. හරි නේ.

රනිල් පැහැදිලිවම දිනුවොත් මත්තල වී ගබඩා කරන බව කිව්වේය. කිව්ව ලෙසම දැන් කරයි. ජනතාව බහුතරයකින් ඔහු බලයට පත් කලේ එය ඔවුන්ගේ කැමැත්ත වූ නිසාය. රනිල්ට බනින්නේ ඇයි? ඔහු කරන්නේ ජනතාව ඔහු පත්කළ කාරනා ඉස්ට කිරීමය.

රනිල් , මය්ත්‍රී රණ විරුවන් සහ මහින්ද . ගෝඨාභය උධ අපරාධ වලට වැරදි කරුවන් කර දඬුවම් කරන බව කිව්වේය. ජනතාව එයට කැමති වී බලය දුනි. දැන් ඔවුන් එය කරයි. මේ ජනතා කැමැත්තට හිස නැවීම නොවේ නම් වෙන කුමක් ද ?

ජනතාව මහබැංකු ගනුදෙනුව අනුමත කළහ. එයට වගකිව යුත්තන් උඩින්ම පත් කර ගතහ. ෆෙඩරල් විසඳුමක් UNP ආණ්ඩුවක් විසින් ගෙන එන බව නොදන්නා කෙනෙක් නොසිටියහ. එසේම බහුතර ජනතාව එය අනුමත කර ඇති බව පෙනේ. එමෙන්ම ආණ්ඩුවද තම පොරොදු දුන් ලෙසම ඉෂ්ට කරමින් ෆෙඩරල් දිශාවට යන බවද පෙනේ.

තව මේ වගේ කරුණු ගණනාවක් දැක්විය හැක. නමුත් එකක් පැහැදිලිය. මේ ආණ්ඩුව තමන්ගේ පොරොන්දු දුන් ආකාරයෙන්ම ඉෂ්ට කිරීමට අධික උනන්දුවක් දක්වන බවය. බහුතරයක් ජනතාවට අවශ්‍ය වුනේ එය බව ද පැහැදිලිය. එය සාධනීය ලක්ෂණයක් නොවන්නේද ?

එසේ නම් කුමට අඬන් නේද ? මේ බහුතරයට අවශ්‍ය විදියට රට ගෙනියනවට අකමැති කෙනෙක් ඉන්නවා නම් නම් වෙන රටකට ගොස් සැපසේ ඉඳපල්ලා බං .

සිංහලයා හට පිහිට – නො වව් කිව් බස සැබෑ කළෙ මට


මහින්ද මහතාට වී ඇත්තේ අමුතු දෙයක් නොවේ. මේ සියල්ල මේ ආකාරයෙන්ම නොවුනා නම් තමයි පුදුමය.

ඉතිහාසයේ පටන්ම ලංකාවේ මිනිස්සුන්ට වැඩ කිරීමට ගොස් හොඳක් අහ ගත්ත කෙනෙක් නැත. ධර්ම පාල තුමා විවාහ නොවී , තම පාරම්පරික බුදලය සහ විශාල වශයෙන් ලැබුන විදේශීය පරිත්‍යාග ලංකාවේ මිනිසුන් උදෙසා නොමසුරුව පරිත්‍යාග කර , උගුර ලේ රහ වෙන තුරු දේශනා පවත්වමින් , හිරේ විලංගුවේ වැටෙමින් , ගුටි කමින් නොවිඳිනා දුක් විඳ දේශයේ උන්නතිය , ශාෂණයේ උන්නතිය උදෙසා කටයුතු කර ගෙන ගියත් එතුමාටත් හොම්බ බිම ඇනෙන තෙක්ම තමන් ඒ කැපවී වැඩ කරේ මොන තරම් සත්තු පිරිසකටද කියා අවබෝධ කර ගැනීමට නුවන මද විය. මෙච්චර වැඩ කල බුද්ධාගම් කාරයන්ම බහුතරයක් එතුමාට හොරා කියමින් නින්දා කරන ලදී. ලාංකිකයන්ගේ තරම වැටහුන විට “මගේ කකුල් දෙක වත් ලංකාව පැත්තට හරවන්න එපා” කියමින් මළේය. මට මේ කරුණ මතක් උනේ පහුගිය කාලයේදී බෞධයන් (යයි කියා ගන්නා) විශාල සංඛ්‍යාවක් , මහින්ද ඉදිකිරීමට උත්සාහ කල සඳු හිරු සෑය විවේචනය කරනවා ඇහුන නිසාය.

ලංකාවේ බහුතරය සතුන්ටත් අන්ත මිලේච්ච ගති හා සිතුවිලි ඇති මිනිසුන්ය. සතුන්ට උදව්වක් කල විට මතක තියේ. මොවුන් ඊටත් අන්තය. නිදහස ලැබී වසර 70 පමණ ගෙවී ඇත. බහුතරයට අවශ්‍ය විදියට ජනතා නියෝජිතයන් පත් කර ගෙන ඇත. හමුදා කුමන්ත්‍රණ ,විප්ලව ආදියට වරද පටවා අත පිහ දා ගත නොහැකිය. එමනිසා රට 100% පාලනය වී ඇත්තේ බහුතරයේ අභිලාශය අනුව බව පෙනේ. තවමත් ලංකාව තුන්වන ලෝකයේ , දුප්පත් , දුෂණය , භිෂණය , ජඩ දේශපාලනය පිරුන හොරිකඩ රටකි. පැහැදිලිවම බහුතරය එසේ සිටීම තමන්ගේ කැමැත්ත බව පෙන්වා ඇත.

රටට ආදරය කරන සුළු පිරිසක් විසින් 1970 දීත් , 2005 දීත් මේ හොරිකඩ ගමන් මග වෙනස් කර රට දියුණුවේ දිශාවකට යොමු කිරීමට සාධනීය උත්සාහයක් ගන්න ලදී. නමුත් ඉතිහාසය විසින් නැවත නැවතත් පෙන්වා දී ඇත්තේ ලාංකික බහුතරයක් මිනිසුන්ට එසේ දියුණුවක් ලබා ගැනීම අවශ්‍ය නොවන බවයි. ඒ ගන්න උත්සාහයන් ආපිට පෙරලීමට සහ ඒ රටට ආදරය කරන මිනිසුන් පොළවටම සමතලා කර හැකිනම් රටෙනුන් එළවා දැමීම බහුතරයේ කැමැත්ත බවයි. 1930 දී ධර්ම පාල තුමාටත් , 77 දී මැතිනියටත් වූ දේ 2015 දී මහින්ද මහතාට සිදු වෙමින් පවතී. අහම්බයක් ද ?? කිසිසේත්ම නැත

මේ සත්‍යය තේරුම් ගැනීමට තරම් බුද්ධියක් ඔබ වෙත ඇත් නම් අවබෝධ කරගත යුතු සරලම දේ නම් “ඔය රට කිසි දවසක හැදෙන තැනක් නොවන බවයි” පවතින ලෝක ආර්ථික වටපිටාව තුල දියුණු රටක් වීමට කැමැත්ත ඇත්නම් මහා කාලයක් අවශ්‍ය නැත. වසර 20 ඕනවාටත් වඩා ඇති ය. අවුරුදු 70 තුල නොකෙරුණ දේ , ඉදිරියේදී වෙන්නේද නැත. මේ අකාලික සත්‍යය මහින්ද මහතාටත් දැන් තේරුම් ගොස් ඇති බව පෙනේ. ඔහු මයිත්‍රී , රනිල් සමග කුළුපගව ඉදිරි ගමනක් යාම මා 100% අනුමත කරමි. ලාංකික දුර්ජනයන්ට හොඳ කිරීමට යාම නිසා ඉදිරියේදී ඇතිවෙන අන්තර්ජාතික යුධ අපරාධ චෝදනා වලින් බේරී සිටීම නම් මයිත්‍රී , රනිල් සමග කුළුපගව සිටීම , ඔවුන් සමග සහයෝගයෙන් කටයුතු කිරීම අවශ්‍ය වේ. එසේ නොකර වෙනත් පෙරමුණු පිහිටවාගෙන අකෘතඥ සිංහල මිනිහා නියෝජනය කරන්න ගියොත් එතුමාට වෙන්නේ සිරභාරයට පත් වී හේග් යාමටය. එකක් පැහැදිලිව කියමි. එසේ ගෙන ගියොත් … “අනේ අපොයි” කියා අනිත් පැත්ත හැරී පස්ස උඩ දමා නිදා ගන්නවා හැරුන කොට .. ඔය ලක්ෂ 47 ක් වෙන එතුමන්ගේ පාක්ෂිකයන් යයි කියා ගන්න පිරිසගෙන් වත් ඒ සම්බන්ධයෙන් කිසිම විරෝධයක් නොනැගෙන බවයි. වැඩිම උනොත් ෆේස් බුකියේ ඒ ගැන මේම් කීපයක් පලවෙනු ඇත.අතන මෙතන කොමෙන්ට් කීපයක් වැටෙනු ඇත . එපමණකි. ඒ නිසා එතුමා වෙනත් මාර්ග වලින් තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීම මා අගය කරමි. අනුමත කරමි.

ඉදිරියේ මහින්ද මහත්මයාට කරන්න ඇත්තේ ,

දියෙහි යන දණ්ඩට – පිහිටක් වුවත් පෙර සිට
සිංහලයා හට පිහිට – නො වව් කිව් බස සැබෑ කළෙ මට

යන වාක්‍යය සිහිකර ගනිමින් , තම අධ්‍යාත්මික දියුණුව උදෙසා යමක් කිරීමට ඉදිරි කාලය වැය කිරීම බව මට නම් හිතේ. ඉදිරි අනාගතයේදී ලාංකික බහුතර දුදනන්ට යහපත කරන්න බලාපොරොත්තු වෙන දේශ හිතේෂින් වේ නම් , ඔවුනුත් මේ කව සිහියේ තබා ගත්තොත් හොඳය.

Sunday 16 August 2015

තීරණාත්මක සඳු දින


ලබන 17 ත් වන සඳුදා ලංකාවේ ඉදිරි 20-30 වසරක ඉරණම තීන්දු කරන තීරණාත්මක දිනයකි. ඒ මහින්ද රාජපක්ෂ සාධකය නිසාම නොවේ.
 
පසුගිය වසරේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ යහපාලන සන්ධානය විසින් "ඇහින්දා" පෙරටු කරගෙන මහින්ද ගෙදර යැවීමට පෙරමුණ ගත්  සමයේම මා හඳුනාගත් එක් දෙයක් වුයේ "ඇහින්දා"  ගේ ඇති අල්ප පෞරුෂය  , අල්ප  ජනතා ආකර්ෂණය සහ ජාතික තලයේ රාජ්‍ය පාලකයෙකුට තිබිය යුතු  වැදගත්ම ගුණාංගයක් වන තම වචනයේ සහ ක්‍රියාවේ ගෞරවය රකින මහත්මා ගතියේ අල්ප බවයි.  "ඇහින්දා" ජනාධිපති පදවියට පත්වීම ගොබෙල්ස් මාධ්‍ය කරණයේ සහ  විජාතික ඩොලර් වල ප්‍රතිඵලයක් මිස , "ඇහින්දා" ට ඇති ජනතා කැමැත්ත මත පදනම්ව සිදුවූවක් නොවන බව පසුගිය මාස හය තුල ඔහුගේ ජනප්‍රියතාවයේ සිදුවූ සෝචනීය පිරිහීමෙන් පැහැදිලි වේ. බලය ලබාගෙන මාස තුනක් තුල  ජනතාවගෙන් බහුතරයක් හෙණ ඉල්ලන තරමට පිරිහී ගිය මෙවන්  ජනාධිපතිවරයෙක් ලොව මෙතෙක් පහලවුවාදැයි සැක සහිතය.
 
මහින්ද මෙන් වැදගත් පවුල් පසුබිමක වැදගත් මවු පියන්ට දාව  නීච කතාවට සහ ක්‍රියාවට බයෙන් (හිරි ඔත්තප්ප ) ඇතිව දේශපාලනයේ යෙදුනෙකු නොව  කොලනියක උපත  ලබා අටපාස් ග්‍රාමසේවකයෙක් ව ප්‍රාදේශීය  මජර දේශපාලනයෙන් ඉහලට පැමිණ රටේ කරුමෙට  මුග්ධ  ජනතාව විසින්  මුල් පුටුවට ඔසවා තබනු ලැබූ  "ඇහින්දා" හට  නීච ගතිගුණ  ස්වභාවයෙන්ම උරුමව ඇති බව සහ ඔහු ඒ නීච ගතිගුණ එළිපිටම දැක්වීමට නොපැකිලෙන බව පසුගිය මාස හය තුලදී අප සැම  නිරීක්ෂණය කළෙමු.

ලෝක ඉතිහාසයේ නිචම සහ  කෘරම ආකාරයෙන් පොදු ජනතාව වෙත  භිෂණය , එකාධිපතිත්වය  මුදා හල බොහෝ රාජ්‍ය පාලකයන් හට පොදු ලක්ෂණයක් වන්නේ පෞරුෂයේ සහ ජනතා ආකර්ෂණයේ ඇති අඩුපාඩුවයි. කුමන්ත්‍ර මගින් , ගොබෙල්ස් කරණය මගින් හෝ වෙනයම් කූට ක්‍රමයකින්  බලයට පත්ව ටික කලකින්ම  ජනතාවගේ සහයෝගය පිරිහී තනිවෙන  ඔවුන් එම ජනතාවට වයිරි කරමින්   ප්‍රජාතන්ත්‍ර විරෝධී ව , සන්නද්ධ බලය මගින් තම බලය පවත්වාගෙන යාමට පෙළඹෙයි.

 "ඇහින්දා" ගේ  පසුගිය මාස කීපය තුල අප නිරීක්ෂණය කල භාවිතාව මගින් මෙය මෙසේම ක්‍රමයෙන් සිදුවෙන බව පෙනෙයි. ජාතික හෝ පක්ෂ   ව්‍යවස්ථා තුට්ටුවකට මායිම් නොකරමින් පත්වීම් සහ පලවා හැරීම් සිදු කරමින් සහ  නිල ආරක්ෂක සේවය විසිරුවා හැර තමන්ට  හිතවත් සහ  පාලනය කල හැකි බලකායක් ආරක්ෂාවට තබා ගනිමින්  ත්‍රාඩ    කෘර ඒකාධිපතිත්වයක් කරා සීග්‍රයෙන් පිය නගන  "ඇහින්දා"  මේ යන්නේ  "සියලු විධායක බලය" අතහරින පොරොන්දුව ඉටුකරමින් නොව ඉතිහාසයේ  දරුණුතම ඒකාධිපති  පාලනයක් කරා බව සියල්ලන්ම තේරුම් ගත යුතුය. ජනතාවගේ පිළිගැනීමක් නොලබන ඔහු හට ජනතාව වෙත ලෙන්ගතු බවක් දැක්වීමට අවශ්‍යතාවයක් හෝ හේතුවක් නැත.

හෙට දින තම ජනතා පරමාධිපත්‍යය දක්වන ජනතාව හොඳින් තේරුම් ගත යුත්තේ , UNP  ය සහ JVP  ය  88-89 කාලය තුල සිදුකල   බිහිසුණු ලේ වැගිරීම් ,  වධ දීම් සහ මනුෂ්‍ය ඝාතන වලට සරදම් කල හැකි  තාලයේ කෘර යුගයක් කරා ඒකාධිපති සිරිසේන විසින් ලංකාව සීග්‍රයෙන් රැගෙන යමින් පවතින බවයි. එය පරාජය කල හැක්කේ ඔහුගේ එම ජාති ද්‍රෝහී  බලය නිශේධ කල හැකි බලවත්  නායකයෙක් සමග පෙරමුණ ගත්   පොදුජන එක්සත් පෙරමුණට මිස විජාතික රූකඩයක් සහ තවත්  ඒ තාලයේම කෘර මිනීමරු හිතේ කරුණාව , දයාව අබ ඇටයක් පමණවත් නැති
ලංකාවට , ජනතාවට ද්වේශ කරන රනිල් ප්‍රමුඛ    මිනීමරු  හොර නඩයකට හෝ දැන් ඒ හොර නඩයේ වල්ගේ එල්ලී සිටින මිනී මරු  JVP යට   නොවේ.

අවසාන වශයෙන් කිව යුත්තේ ද්‍රවිඩයන් සහ මුස්ලිමුන් සිතා සිටින ආකාරයේ තම තමන්ගේ  ජාතිකත්වයේ සුරලෝකය මැවීමට  කිසිදු උවමනාවක් "ඇහින්දා" ට හෝ රනිල් ප්‍රමුඛ UNP යට නැති බවයි. 83 ජුලි කලබල ඇති කර දහස් ගණනක් ද්‍රවිඩයන් ඝාතනය කලේ  UNP ය මගින් දියත්කල රාජ්‍ය  ත්‍රස්තවාදයයි.  එසේ ද්‍රවිඩයන් හට "පාඩමක්" උගන්වා ඉන්පසු ආපසු හැරී  ඔවුන්ට ඉදිරි මැතිවරණ වලදී අභියෝගයක් විය හැකි   සිංහල ජාති හිතෙෂි බලවේග වෙත කෘර රාජ්‍ය ත්‍රස්තවාදය මුදා හරියේ  බලය ඉදිරියේ ඔවුන්ට  කිසිදු ජාතියක් ගැන විශේෂ කැක්කුමක් නැති බව හොඳින්ම පෙන්වමිනි. එමෙන්ම කෘර මිනීමරු  රනිල් ප්‍රමුඛ හොර නඩය ට පිටුපසින් හැන්ගෙමින් සහයෝගය දක්වන විජාතික බලවේග වලට අවශ්‍යව ඇත්තේ  එක්සත්ව දියුනුවන රටක් නොව  බෙදී වෙන්වී උනුනුන් මරාගන්නා  ද්වීපයක් ම  බව  ද්‍රවිඩ , මුස්ලිම් වශයෙන් වෙන්වී  වෙන්ව  ගමනක් යෑමට සිහින මවනා , කතිරේ ගසනා සොයුරු සොයුරියන් සිහිතබා ගත යුතුය.

පුරා මාස ගණනාවක්  රට වෙනුවෙන්  සහ ඉදිරි පරම්පරාවට  සෞභාග්‍යවත්  රාජ්‍යයක් හිමිකර දීම වෙනුවෙන්  දිවා රෑ නොබලා මහන්සි වී ජනතාව දැනුවත් කිරීමට  අගනා කාර්ය භාරයක් ඉටුකළ mahinda.info හි සොයුරු සොයුරියන් , කාර්‍ය  මණ්ඩලය සහ පොදු ජන අප හදවතේ නැගුන මහින්ද පවන යතාර්ථයක් , සුළි කුණාටුවක් බවට  බවට පත් කල විමල් විරවංශ , උදය ගම්මන්පිල , වාසුදේව නානායක්කාර සහ දිනේෂ් ගුණවර්ධන  මැතිවරුන්  වෙත අපගේ  හර්දයාංගම  ස්තුතිය සහ කෘතගුණ  පලකරමි. 

Sunday 2 August 2015

මහින්ද තේරුම් නොගන්න ජනතා අභිලාශය


අප්පච්චි මලෝ කණ්ඩායම ටිකෙන් ටික ජනතාව අභිමුකයේ  තමන්ගේ නියත පරාජය තේරුම් ගෙන අවස්ථාවාදී ලෙස මහින්දට ලංවෙන්න පටං අරං ඇත . උං නගින ස්ටේජ් වලට මිනිස්සු හූ කීම ස්වාභාවිකය. මහින්ද මහත්මයා ඒ හීන දීන තුච්ච මිනිසුන්ට  එසේ හූ කියන රැස්වීම් වලට සහභාගී නොවීමට තීරණයක් ගෙන තිබෙන බව දැනගන්න ලැබී තිබේ .

ඒ තීරණය සැබෑවක් නං අපිට කියන්න තියෙන්නේ අනේ පවු මහින්ද ඔයා කියාය .  පැරදිලා ගෙදර ගොස් මාස හයකට පසුවත් , ඉන්  පසුව නැග ආ ජන රැල්ල මත හිඳිමිනුත් ,    මහින්ද මහත්මයාට ජනතා අභිලාෂයන් තේරුම් ගැනීමට  නොහැකිවීම සම්බන්ධයෙන් අපට නම් ඇත්තේ බලවත් කනගාටුවක් සහ අප්‍රසන්න හාස්‍යයකි. අඩු ගන්නේ ඔහු වටේ ඉන්න පිරිසෙන් කෙනෙක්ට  වත් මේ කරුණ ඔහුගේ හිස් ගෙඩිය ඇතුලට කොයි යම් ක්‍රමයකින් සම්ප්‍රේෂණය කිරීමට හැකියාවක් ලැබේ යයි අප බලාපොරොත්තු වෙමු.

මහින්ද මහත්මයා දැනගත යුතු මුලිකම  කරුණ නම් බහුතරයක් ජනතාව ඔහු පසුගිය පාලන කාලය තුල කල යම් යම් ක්‍රියා ප්‍රතික්ෂේප කල බව සහ ඔහුට පාඩමක් ඉගැන්වීමට ජනාධිපති වරණය අවස්තාවක් කල ගත්  බව. ( ජනතාව ඒකෙන්  තමන්ටම කෙල කර ගත්ත එක වෙනම කාරණයකි ).

මහින්ද ජන-අප්‍රිය වීමට මුලික හේතු සාධකයක් වුයේ  තුච්ච සිල්වලා (අප්පචි මලෝ සහ කැළණි මැරයා  ) , අන්තවාදී ආගමික කණ්ඩායම් (BBS ) , දුෂිත නිලධාරින් (යකඩ හොරා )  , කුඩු ලියුමා   වැනි පිරිස් කෙරේ ඔහු ගේ රජය දැක්වූ "අපි දන්නේ නෑ ,අපි දැක්කේ නෑ"  සහනශීලි   ප්‍රතිපත්තියයි.

මහින්ද පැරදුනේ ලක්ෂ දෙකහමාරක් වැනි සුළු ගණනකිනි. මේ සුළු ගණන මහින්දගේ අර නින්දිත පිරිසට අප්‍රසාදය පලකිරීමට මහින්දට විරුද්ධව චන්දය භාවිතා කල  මධ්‍යම පාන්තික නාගරික ජනතාවගෙන් සමන්විත වුවා විය හැක.

මතක තබා ගත යුතු විශේෂම කාරණය නම් මහින්ද ගෙදර ගොස් සති කීපයක් යන තුරු  මහින්ද නැවත ගෙන ඒමට කියා විශේෂ රැල්ලක් ජනතාව අතරින් මතුව නොආ බවයි. ජනාධිපතිවරණයෙන් පසු  මැදමුලනට ගිය පිරිස් තම හදේ නැග  එන වේදනාව සහ කෘතගුණය දැක්වීමට සහ ඒ අසහාය මිනිසා දෙනෙතින් දැක ගෙන වචනයක් කතා කිරීමේ බලාපොරොත්තුවෙන් ගියා විනා ඔහු නැවත දේශපාලනයට ගෙන ඒමේ හෝ මහින්ද රැල්ලක් නිර්මාණය කිරීමේ අරමුණක් ඔවුන්ට නොතිබුණි.

මා ද ඇතුළු මහින්දට චන්දය භාවිතා කල පිරිස් , ජනවාරි 8න් පසු මොහොතක් නැවතී බලා සිටියේ නව රජය කෙසේ කටයුතු කරන්නේද කියාය. ඔවුන් අනා නොගෙන සාර්ථකව රට ඉදිරියට ගෙන ගියා නම් මහින්ද රැල්ලක් ජනතාව අතරින්  නැවත කිසි දිනක නැග නොඑයි. නමුත් නව රජයේ හීන දීන විදේශ , ආරක්ෂක ප්‍රතිපත්ති , නොනවතින ද්වේශ සහගත පලිගැනීම්  සහ කොල්ල කාරී ආර්ථික ප්‍රතිපත්ති   හමුවේ  බොහොමයක් ජනතාවට නැවත මහින්ද වෙත  හැරීමට සිදුවිය. එයට මුලිකම හේතුව මහින්දගෙන් පසුව පක්ෂය ප්‍රභලව ඉදිරියට  ගෙන යාමට සමත්  දක්ෂ ජාතික තලයේ නායකයෙක් එහි නොසිටීමයි. වත්මන් ජනාදිපති සිරිසේන   හෝ  කලින් අග්‍රාමාත්‍ය  ධුර දැරූ කිසිකෙනෙක් හට එවැනි හැකියාවක් කිසිසේත්ම පිහිටා නැති  බව  කාලය විසින් ඔප්පු කර ඇත.

මේ කරුණු හමුවේ මහින්ද හොඳින් වටහා ගත යුතු  වන්නේ  ඔහු වටා සුලියක් මෙන් කැරකෙන මේ   වාසුලිය  ප්‍රධාන වශයෙන්  ම නිර්මාණය වී ඇත්තේ  දේශ හිතෙෂි , ජාති හිතෙෂි , බඩ ගැන නොව රට ගැන හිතන    ජනතා බලවේගයන්ගෙන් බවය. ඔවුන්ට  පුද්ගල ප්‍රතිරුප පලක් නැත. ප්‍රතිමා වන්දනා හෝ මෝහයෙන් යුතුව පුද්ගල වන්දනාවක් ඔවුන්ට අවශ්‍ය නැත.  ඔවුන් සිල්වා වැනි සියලු ආකාරයේ අවස්ථාවාදී දේශපාලනික ගෙම්බන් ,   මැරයන් , සහ දේශ ද්‍රෝහී ජාති ද්‍රෝහී පිරිස් පිළිකුල් කරති.  අවස්තාව ලද තැනදී නොපැකිල තමන්ගේ  පිළිකුල සහ අප්‍රසාදය  හුවෙන් දක්වති.

ඒ   තමන්ගේ  පිළිකුල සහ අප්‍රසාදය  දැක්විය හැකි මානුශියම ක්‍රමය නිසාය. නමුත් අවස්තාවක් ලැබේ නම්  අසුචි වලින් වුවත් ඒ කෙලතොල්ලන්ට සංග්‍රහ කිරීමට ජනතාව නොපැකිලෙන බව සහ  ඔවුන්ගේ අප්‍රසාදය එතරම් ම තීව්‍ර බවද මහින්ද හොඳින්ම අවබෝධ කරගත යතුය. අවාසනාවට මහින්ද තවමත් තේරුම් නොයන්නෙත් මෙයයි. හුවෙන් ජනතා  ඔහු වෙත  සම්ප්‍රේෂණය කිරීමට  උත්සාහ දරන  ජනතා පැතුම  අවබෝධ නොකරගෙන , ඉවත දමා  තුච්ච දීනයන් අතර  සිටගැනීමට සහ   සහ තොන්දොල් කිරීමට   මහින්ද  දරන උත්සාහය කනගාටුදායකය.   ඔහු ඔසවා  තැබූ දේශ හිතෙෂි , ජාති හිතෙෂි ජනතා වාසුලියම නැවත කැරකි  අවුත් ඔහු කරකුට්ටන් වී යන්නට පොලවේ ගැසීමටත්  සමත් බව මහින්ද හොඳින් වටහා ගත යුතුය.

Sunday 19 July 2015

ලක් ඉතිහාසයේ විශාලතම මුල්‍ය වංචාව පිලිබඳ COPE කමිටුව විසින් සැකසු වාර්තාව මෙන්න

 
පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී නීතිගත වීමට පෙර පාර්ලිමේන්තුව විසිරුවා හැරි , මහජනතාවට හෙළි වීම වැළැක්වීමට උසාවි නියෝග ලබාගත්, ජඩ පාලන තිරිසනුන් විසින් කල ලක් ඉතිහාසයේ විශාලතම මුල්‍ය වංචාව පිලිබඳ COPE කමිටුව විසින් සැකසු වාර්තාව මෙන්න.

https://archive.org/details/COPEDraftInterimReportTreasuryBondIssueOn27.02.2015

උසාවි ගොස් ජනතාවට තොරතුරු දැනගැනීමේ ඇති අයිතිය වාරණය කිරීමේ නින්දිත UNP වෑයම නිෂ්ඵල කර දමන්න . හැකි තරම් බුද්ධිමත් ජනතාව අතර බෙදා හැර සිරිසේන , රනිල් ප්‍රමුඛ යහපාලන රජයේ නිරුවත රටට හෙළි කරන්න. මිනිසුන් දැනුවත් කරන්න. සංවාද වලදී යොදා ගන්න.

සල්ලි ගිලින , තරුණ ජිවිත වල ලේ උරා බොන ජඩ පාලන ඩ්‍රකියුලා

Tuesday 21 April 2015

අවිනිශ්චිතත්වයේ අවසානය කොතැනද ?


ජනවාරි 8 ට පෙර ජඩ පාලනයට කඩේ ගිය සියල්ලන්ටම මා පැවසුවේ යහපාලනය උතුම් සංකල්පයක් වුවත් එය ක්‍රියාත්මක කිරීමට පිටියට බැස ඇති බල ලෝභී තිරශ්චින ජඩ බල්ලන්, බැල්ලියන්  වෙතින් එය බලාපොරොත්තු වීම අසුචි බෙට්ටකින්  මානෙල් මල් සුවඳක් බලාපොරොත්තු වන්නාක් මෙන් වන බවය.

තව දුරටත් මා පැවසුවේ මේ ආණ්ඩු පෙරළියේ අවසානය ජනතාව පාරට බැස කරන මහා උද්ඝෝෂණයකින් සහ  මහා ලේ වැගිරීමකින් නිමාවට පත් වන බවය. දැන් එහි පෙරමග සලකුණු පහල වී තිබීම සිංහලයන්ගේ   ලේ  පානය කිරීමෙන් විනා පවස සංසිඳුවා ගැනීමට හැකියාවක් නොමැති ලේ මාපිලුන්ට  හැරෙන්නට , අනිත් ප්‍රගතිශීලි ජනතාවට   අතිශයින් කනගාටුවක් ඇති කරන කරුණකි.

දැනට පාර්ලිමේන්තුව ඉදිරිපිට පැවැත්වෙන උද්ඝෝෂණය අතිශයින් අන්තරාකාරී එකකි. හේතුව එයට නිශ්චිත ව දැක්විය හැකි    අරමුණක්  , න්‍යාය පත්‍රයක්  නැති බැවිනි. අරමුණකින් තොරව , නිශ්චිත න්‍යාය පත්‍රයක් , නිශ්චිත කාල සීමාවක් නැතිව සීග්‍රයෙන් එකතුවෙන ජන රාශියක් පාලනය කර එය යම්කිසි නිශ්චිත මගකට යොමු කිරීමට ලිහිල් පාලනයක් තුලින් බැඳුනු සංවිධායකයන්ට හැකියාවක් නැත. මෙය හිම බෝලයක්  (avalanche)  මෙන් පාලනය කර ගත නොහැකි තත්වයකට පත් වීමට ඇති හැකියාව ඉතාමත් අධිකය.

සොරි සේනගේ ජඩ-රජය ගෙදර යැවීමේ පළමු වෙඩි මුරය මෙයින් ඇරඹේ යයි සිතමි, කනගාටුව මිනිස් මරණ ගණනාවක් ඉදිරියේ ඇතිවීමට ඉඩ තිබීමයි.  ඒ මිනිසුන් සියල්ලන්ගේ ලේ ජඩ පාලනයට කඩේ ගිය සහ තාමත් යන  කාලකන්නින් ගේ දෑත් වල තැවරී යනු ඇත.

වෙනසක් වෙනුවට රටටම  සොරි ඩොට් කොම්

Saturday 11 April 2015

ජොබ් එක සහ ආණ්ඩුව


මගේ පෞද්ගලික ජිවිතයට සම්බන්ධ හරි අපුරු සිදුවීමක් බෙදා ගන්න හිතුනා වර්තමාන දේශපාලන සන්ධර්භයත් එක්ක තියෙන එහි පුදුමසහගත ගැලපීම දුටුව නිසා.

පසුගිය අවුරුදු කීපයේදී මම වැඩ කරපු  තැන ප්‍රොජෙක්ට් 20-30 ක් පමණ සාර්ථකව නිම කරලා සියල්ලම  නියමිත පරිදි බාර දීලා මා එම කොම්පැනියෙන් ඉවත් වෙලා ගියා. (මට  පෞගලිකව වැටහීමක් තිබෙනවා  මම කල ඒ වැඩ කොටස වෙන කිසිම යකෙක්ට කරන්න බැරි තරම් බව.)   යන්න කලින් මගේ වැඩ බාර ගන්න බඳව ගත්ත  පුද්ගලයට සියලුම වැඩ මාසයක කාලයක් තුල පුහුණු කිරීමත් එයට ඇතුලත්ව තිබුනා.

මාස ගණනාවකට පසුව එහි මගේ මැනේජර්  ව සිටිය කෙනා ගේ අමුත්තක් දුටුව නිසා   මා මඳක් විමසිලිමත් උනා එයට හේතුව සොයා ගන්න.  එතකොට තමයි දැනගත්තේ. අලුතෙන් මගේ තැනට ආපු පුද්ගලයා ඉවත්ව ගිය මා,  පසුගිය කාලය තුල  සාර්ථකව අවසන් කර ගිය ප්‍රොජෙක්ට් වල නැති වැරදි  පෙන්වා දෙමින් සිටින බව.  ඒවා හරියට කරලා නැහැ. තාක්ෂණික වැරදි තියෙනවා. ඩොකියුමන්ටෙෂන් මදි. etc  .. මේ හේතු දැක්වීම් නිසා එහි මැනේජර් ගේ සිත මා සම්බන්ධයෙන් බිඳී තිබෙන බව මට වැටහුනා. ( ඉතිං මට පුකයෑ. මම එතන වැඩ නෑ  නේ.)

අපුරු දේ නං මේකයි. මා එහි සිටින විට දින 3 කිං නිම කිරීමට හැකියාව තිබු ප්‍රොජෙක්ට් එකක්  මාස 6 කට පසුව තවමත් අවසන් කර නැහැ.   සමාන්තරව  ව කර මට සුමාන 3 කින් පමණ නිම කල හැකිව තිබු තවත් ප්‍රොජෙක්ට් එකකට අතවත් ගසා නැහැ. එහෙනං මම වැඩ බාර දී ගියා ට පසු කිසිම දෙයක් සාර්ථකව නිමා නොකළ මේ පුද්ගලයා මම හොඳට සාර්ථකව අවසන් කර බාර දී ගිය ව්‍යාපෘති වල ඇද කියමින්  මා එයින් තොලොංචි වී ගිය පසුවද එහි මැනේජර් ගේ සිත බිඳවන්න හදන්නේ මන්ද ?

ටිකක් හිතන විට එහි ඇති අමුත්තක් නැති බව පෙනී ගියා. දක්ෂ පුද්ගලයා තමන්ට බාර දුන් දෙය නිම කරයි. එක්ස් කියුස් නැත. අනිත් උන්ගේ වැඩ ගැන විවේචන නැත.  දුන් කාර්යය සාර්ථකව නිම කර එයින් සතුටක් ලබා ඉවත් වී යයි.

වැඩ බැරි අසාර්ථක පුද්ගලයා තමන්ගේ නොහැකියාව වසා ගැනීමට අනුන්ගේ (නැති ) වැරදි කියමින් කල් මරයි.  පරණ දෙයෙහි වැරදි කියමින් ඒවා නිවැරදි කිරීමට විශාල කාලයක් ශ්‍රමයක් වැය කිරීමට සිදු වී ඇති නිසා අලුත් දේ කිරීමට නොහැකි බව කියමින් කල් මරයි. අන් අයගේ සිත් දක්ෂ පුද්ගලයා කෙරේ බිඳවයි. නැතහොත් ඔහුට පැවැත්මක් නැත.

දැන් ඉතිං ඔය වාසගම් වලට මෙව්වා ආදේශ කරලා නැවත කියවීමක් කරන්න ...

මම =  මහින්ද
මැනේජර් = general public 
අදක්ෂ අසාර්ථක පුද්ගලයා = යහපාලන නඩය

ප්‍රයෝගික ලෝකයේ තනි තනි පුද්ගලයන්ගේ හැසිරීමත්  කණ්ඩායමක හැසිරීමත් මොනතරන්  සමපාත වේද ?