Sunday 2 August 2015

මහින්ද තේරුම් නොගන්න ජනතා අභිලාශය


අප්පච්චි මලෝ කණ්ඩායම ටිකෙන් ටික ජනතාව අභිමුකයේ  තමන්ගේ නියත පරාජය තේරුම් ගෙන අවස්ථාවාදී ලෙස මහින්දට ලංවෙන්න පටං අරං ඇත . උං නගින ස්ටේජ් වලට මිනිස්සු හූ කීම ස්වාභාවිකය. මහින්ද මහත්මයා ඒ හීන දීන තුච්ච මිනිසුන්ට  එසේ හූ කියන රැස්වීම් වලට සහභාගී නොවීමට තීරණයක් ගෙන තිබෙන බව දැනගන්න ලැබී තිබේ .

ඒ තීරණය සැබෑවක් නං අපිට කියන්න තියෙන්නේ අනේ පවු මහින්ද ඔයා කියාය .  පැරදිලා ගෙදර ගොස් මාස හයකට පසුවත් , ඉන්  පසුව නැග ආ ජන රැල්ල මත හිඳිමිනුත් ,    මහින්ද මහත්මයාට ජනතා අභිලාෂයන් තේරුම් ගැනීමට  නොහැකිවීම සම්බන්ධයෙන් අපට නම් ඇත්තේ බලවත් කනගාටුවක් සහ අප්‍රසන්න හාස්‍යයකි. අඩු ගන්නේ ඔහු වටේ ඉන්න පිරිසෙන් කෙනෙක්ට  වත් මේ කරුණ ඔහුගේ හිස් ගෙඩිය ඇතුලට කොයි යම් ක්‍රමයකින් සම්ප්‍රේෂණය කිරීමට හැකියාවක් ලැබේ යයි අප බලාපොරොත්තු වෙමු.

මහින්ද මහත්මයා දැනගත යුතු මුලිකම  කරුණ නම් බහුතරයක් ජනතාව ඔහු පසුගිය පාලන කාලය තුල කල යම් යම් ක්‍රියා ප්‍රතික්ෂේප කල බව සහ ඔහුට පාඩමක් ඉගැන්වීමට ජනාධිපති වරණය අවස්තාවක් කල ගත්  බව. ( ජනතාව ඒකෙන්  තමන්ටම කෙල කර ගත්ත එක වෙනම කාරණයකි ).

මහින්ද ජන-අප්‍රිය වීමට මුලික හේතු සාධකයක් වුයේ  තුච්ච සිල්වලා (අප්පචි මලෝ සහ කැළණි මැරයා  ) , අන්තවාදී ආගමික කණ්ඩායම් (BBS ) , දුෂිත නිලධාරින් (යකඩ හොරා )  , කුඩු ලියුමා   වැනි පිරිස් කෙරේ ඔහු ගේ රජය දැක්වූ "අපි දන්නේ නෑ ,අපි දැක්කේ නෑ"  සහනශීලි   ප්‍රතිපත්තියයි.

මහින්ද පැරදුනේ ලක්ෂ දෙකහමාරක් වැනි සුළු ගණනකිනි. මේ සුළු ගණන මහින්දගේ අර නින්දිත පිරිසට අප්‍රසාදය පලකිරීමට මහින්දට විරුද්ධව චන්දය භාවිතා කල  මධ්‍යම පාන්තික නාගරික ජනතාවගෙන් සමන්විත වුවා විය හැක.

මතක තබා ගත යුතු විශේෂම කාරණය නම් මහින්ද ගෙදර ගොස් සති කීපයක් යන තුරු  මහින්ද නැවත ගෙන ඒමට කියා විශේෂ රැල්ලක් ජනතාව අතරින් මතුව නොආ බවයි. ජනාධිපතිවරණයෙන් පසු  මැදමුලනට ගිය පිරිස් තම හදේ නැග  එන වේදනාව සහ කෘතගුණය දැක්වීමට සහ ඒ අසහාය මිනිසා දෙනෙතින් දැක ගෙන වචනයක් කතා කිරීමේ බලාපොරොත්තුවෙන් ගියා විනා ඔහු නැවත දේශපාලනයට ගෙන ඒමේ හෝ මහින්ද රැල්ලක් නිර්මාණය කිරීමේ අරමුණක් ඔවුන්ට නොතිබුණි.

මා ද ඇතුළු මහින්දට චන්දය භාවිතා කල පිරිස් , ජනවාරි 8න් පසු මොහොතක් නැවතී බලා සිටියේ නව රජය කෙසේ කටයුතු කරන්නේද කියාය. ඔවුන් අනා නොගෙන සාර්ථකව රට ඉදිරියට ගෙන ගියා නම් මහින්ද රැල්ලක් ජනතාව අතරින්  නැවත කිසි දිනක නැග නොඑයි. නමුත් නව රජයේ හීන දීන විදේශ , ආරක්ෂක ප්‍රතිපත්ති , නොනවතින ද්වේශ සහගත පලිගැනීම්  සහ කොල්ල කාරී ආර්ථික ප්‍රතිපත්ති   හමුවේ  බොහොමයක් ජනතාවට නැවත මහින්ද වෙත  හැරීමට සිදුවිය. එයට මුලිකම හේතුව මහින්දගෙන් පසුව පක්ෂය ප්‍රභලව ඉදිරියට  ගෙන යාමට සමත්  දක්ෂ ජාතික තලයේ නායකයෙක් එහි නොසිටීමයි. වත්මන් ජනාදිපති සිරිසේන   හෝ  කලින් අග්‍රාමාත්‍ය  ධුර දැරූ කිසිකෙනෙක් හට එවැනි හැකියාවක් කිසිසේත්ම පිහිටා නැති  බව  කාලය විසින් ඔප්පු කර ඇත.

මේ කරුණු හමුවේ මහින්ද හොඳින් වටහා ගත යුතු  වන්නේ  ඔහු වටා සුලියක් මෙන් කැරකෙන මේ   වාසුලිය  ප්‍රධාන වශයෙන්  ම නිර්මාණය වී ඇත්තේ  දේශ හිතෙෂි , ජාති හිතෙෂි , බඩ ගැන නොව රට ගැන හිතන    ජනතා බලවේගයන්ගෙන් බවය. ඔවුන්ට  පුද්ගල ප්‍රතිරුප පලක් නැත. ප්‍රතිමා වන්දනා හෝ මෝහයෙන් යුතුව පුද්ගල වන්දනාවක් ඔවුන්ට අවශ්‍ය නැත.  ඔවුන් සිල්වා වැනි සියලු ආකාරයේ අවස්ථාවාදී දේශපාලනික ගෙම්බන් ,   මැරයන් , සහ දේශ ද්‍රෝහී ජාති ද්‍රෝහී පිරිස් පිළිකුල් කරති.  අවස්තාව ලද තැනදී නොපැකිල තමන්ගේ  පිළිකුල සහ අප්‍රසාදය  හුවෙන් දක්වති.

ඒ   තමන්ගේ  පිළිකුල සහ අප්‍රසාදය  දැක්විය හැකි මානුශියම ක්‍රමය නිසාය. නමුත් අවස්තාවක් ලැබේ නම්  අසුචි වලින් වුවත් ඒ කෙලතොල්ලන්ට සංග්‍රහ කිරීමට ජනතාව නොපැකිලෙන බව සහ  ඔවුන්ගේ අප්‍රසාදය එතරම් ම තීව්‍ර බවද මහින්ද හොඳින්ම අවබෝධ කරගත යතුය. අවාසනාවට මහින්ද තවමත් තේරුම් නොයන්නෙත් මෙයයි. හුවෙන් ජනතා  ඔහු වෙත  සම්ප්‍රේෂණය කිරීමට  උත්සාහ දරන  ජනතා පැතුම  අවබෝධ නොකරගෙන , ඉවත දමා  තුච්ච දීනයන් අතර  සිටගැනීමට සහ   සහ තොන්දොල් කිරීමට   මහින්ද  දරන උත්සාහය කනගාටුදායකය.   ඔහු ඔසවා  තැබූ දේශ හිතෙෂි , ජාති හිතෙෂි ජනතා වාසුලියම නැවත කැරකි  අවුත් ඔහු කරකුට්ටන් වී යන්නට පොලවේ ගැසීමටත්  සමත් බව මහින්ද හොඳින් වටහා ගත යුතුය.

2 comments:

  1. දැන් දේශපාලන ඔස්තාර් ල බිහිවෙනව හතු පිපෙනවා වගේ. හැබැයි බොහේ දෙනෙක් ලියන දේශපාලනික සටහන් බැලුවම ඒ කට්ට්යිය ගොඩ දර්ශනිකයෝ බව පේනවා. දේශපාලනය ගැන ලියන්න කලින් politics කියන වචනේ තේරුම, ලංකාවේ ඇත්තටම දේශපාලනයක් කෙරෙනවද කියන දේවල් වත් නොදැනයි මේවා ලියන්නේ ගොඩක් අය. මේවා ලියන්න කලින් ජ්‍යාත්‍යන්තර මට්ටමේ දේශපාලන සටහන් කියවලා දැක්මක් ඇතුව ලිවේ නැතිනම් මේවා දේශපාලනේ ගැන දන්නා මිනිස්සුන්ට විහිලු බවට පත් වෙනවා. පරිලේම්තුවේ වසර 10 ඇතුලට එකම වචනයක් කතා නොකළ මත්රී වරු 2 සිටින රටක ජනතාවට දේශපලනය ගැන දැනීමක් නැති වීම පුදුමයක් නොවේ. දේශපාලනය කරනවා කියල කරන්නේ මොකක්ද ඇහුවොත් අපේ බොහෝ මිනිස්සු කියන්නේ චන්දෙට අපේක්ෂකයෙකුගේ කැන්වසින් වලට යනවා කියන එක. එහෙව් රටක මෙහෙව් කතා ගැන පුදුම වෙන්න ඕනේ නැහැ. පැරකුම් ලියන මතවාදයන් ගැන සම්පූර්ණයෙන්ම එකග නොවුනත් ඔහුගේ දේශපාලනික සවිඥානික බව මම අගය කරනවා. ප්‍රියන්ත හේවගේ නොහොත් මාතලන් සහ ඔබවැනි සිල්ලර දේශපාලනික ඔස්තාර් ල හිතන්නේ දේශපාලන විශ්ලේෂණය හරියට තැඹිලි කරත්තෙක තැඹිලි විකුනනවා වගේ ඇගේ හයියට කරන සිල්ලර වැඩක් කියල. මිනිසුන් දේශපාලනය ගැන සවිඥානික වීම වැදගත් වගේම ගොඩ පෙරකදොරුවන්ගෙන් දේශපාලනය ඉගෙන නොගෙන එය හරියට වටහා ගැනීමත් වැදගත්. දේශපාලනයත්, ගීත ඇසීම, චිත්‍රපටි බැලීම, වැනි ජනතාවගේ විනෝදාංශයක් බවට පත්කිරීමන් තමයි මේ සවිග්නෛක බව ඇතිකරන්න පුළුවන්. එයට හොදම අවස්ථාව දැන් බව මම හිතෙනවා. ගොඩ පෙරකදෝරු සටහන් නොලියා අත්දැකීමෙන් කියවීමෙන් ලැබූ නව දැනුම රසවත් ආකාරයෙන් ජනතාවට ගෙනයාමෙන් පමණයි මෙය වෙනස් කල හැක්කේ. රට හැදෙන්නටම නම් ජනතාවගේ දේශපාලනික සාක්ෂරතාවය අනිව්ව්ර්යේන්ම වැඩිවිය යුතුයි.

    ReplyDelete
  2. මහසොහොන් දැක්කෙ කාලෙකට පස්සෙ. පැරාගෙ අඩවිය පැත්තෙ දැක්කෙ නැති නිසයි බලන්න ආවෙ. අපිව අමතක වෙලාද? නැත්තං තරහ වෙලාද?

    ReplyDelete