Sunday 16 August 2015

තීරණාත්මක සඳු දින


ලබන 17 ත් වන සඳුදා ලංකාවේ ඉදිරි 20-30 වසරක ඉරණම තීන්දු කරන තීරණාත්මක දිනයකි. ඒ මහින්ද රාජපක්ෂ සාධකය නිසාම නොවේ.
 
පසුගිය වසරේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ යහපාලන සන්ධානය විසින් "ඇහින්දා" පෙරටු කරගෙන මහින්ද ගෙදර යැවීමට පෙරමුණ ගත්  සමයේම මා හඳුනාගත් එක් දෙයක් වුයේ "ඇහින්දා"  ගේ ඇති අල්ප පෞරුෂය  , අල්ප  ජනතා ආකර්ෂණය සහ ජාතික තලයේ රාජ්‍ය පාලකයෙකුට තිබිය යුතු  වැදගත්ම ගුණාංගයක් වන තම වචනයේ සහ ක්‍රියාවේ ගෞරවය රකින මහත්මා ගතියේ අල්ප බවයි.  "ඇහින්දා" ජනාධිපති පදවියට පත්වීම ගොබෙල්ස් මාධ්‍ය කරණයේ සහ  විජාතික ඩොලර් වල ප්‍රතිඵලයක් මිස , "ඇහින්දා" ට ඇති ජනතා කැමැත්ත මත පදනම්ව සිදුවූවක් නොවන බව පසුගිය මාස හය තුල ඔහුගේ ජනප්‍රියතාවයේ සිදුවූ සෝචනීය පිරිහීමෙන් පැහැදිලි වේ. බලය ලබාගෙන මාස තුනක් තුල  ජනතාවගෙන් බහුතරයක් හෙණ ඉල්ලන තරමට පිරිහී ගිය මෙවන්  ජනාධිපතිවරයෙක් ලොව මෙතෙක් පහලවුවාදැයි සැක සහිතය.
 
මහින්ද මෙන් වැදගත් පවුල් පසුබිමක වැදගත් මවු පියන්ට දාව  නීච කතාවට සහ ක්‍රියාවට බයෙන් (හිරි ඔත්තප්ප ) ඇතිව දේශපාලනයේ යෙදුනෙකු නොව  කොලනියක උපත  ලබා අටපාස් ග්‍රාමසේවකයෙක් ව ප්‍රාදේශීය  මජර දේශපාලනයෙන් ඉහලට පැමිණ රටේ කරුමෙට  මුග්ධ  ජනතාව විසින්  මුල් පුටුවට ඔසවා තබනු ලැබූ  "ඇහින්දා" හට  නීච ගතිගුණ  ස්වභාවයෙන්ම උරුමව ඇති බව සහ ඔහු ඒ නීච ගතිගුණ එළිපිටම දැක්වීමට නොපැකිලෙන බව පසුගිය මාස හය තුලදී අප සැම  නිරීක්ෂණය කළෙමු.

ලෝක ඉතිහාසයේ නිචම සහ  කෘරම ආකාරයෙන් පොදු ජනතාව වෙත  භිෂණය , එකාධිපතිත්වය  මුදා හල බොහෝ රාජ්‍ය පාලකයන් හට පොදු ලක්ෂණයක් වන්නේ පෞරුෂයේ සහ ජනතා ආකර්ෂණයේ ඇති අඩුපාඩුවයි. කුමන්ත්‍ර මගින් , ගොබෙල්ස් කරණය මගින් හෝ වෙනයම් කූට ක්‍රමයකින්  බලයට පත්ව ටික කලකින්ම  ජනතාවගේ සහයෝගය පිරිහී තනිවෙන  ඔවුන් එම ජනතාවට වයිරි කරමින්   ප්‍රජාතන්ත්‍ර විරෝධී ව , සන්නද්ධ බලය මගින් තම බලය පවත්වාගෙන යාමට පෙළඹෙයි.

 "ඇහින්දා" ගේ  පසුගිය මාස කීපය තුල අප නිරීක්ෂණය කල භාවිතාව මගින් මෙය මෙසේම ක්‍රමයෙන් සිදුවෙන බව පෙනෙයි. ජාතික හෝ පක්ෂ   ව්‍යවස්ථා තුට්ටුවකට මායිම් නොකරමින් පත්වීම් සහ පලවා හැරීම් සිදු කරමින් සහ  නිල ආරක්ෂක සේවය විසිරුවා හැර තමන්ට  හිතවත් සහ  පාලනය කල හැකි බලකායක් ආරක්ෂාවට තබා ගනිමින්  ත්‍රාඩ    කෘර ඒකාධිපතිත්වයක් කරා සීග්‍රයෙන් පිය නගන  "ඇහින්දා"  මේ යන්නේ  "සියලු විධායක බලය" අතහරින පොරොන්දුව ඉටුකරමින් නොව ඉතිහාසයේ  දරුණුතම ඒකාධිපති  පාලනයක් කරා බව සියල්ලන්ම තේරුම් ගත යුතුය. ජනතාවගේ පිළිගැනීමක් නොලබන ඔහු හට ජනතාව වෙත ලෙන්ගතු බවක් දැක්වීමට අවශ්‍යතාවයක් හෝ හේතුවක් නැත.

හෙට දින තම ජනතා පරමාධිපත්‍යය දක්වන ජනතාව හොඳින් තේරුම් ගත යුත්තේ , UNP  ය සහ JVP  ය  88-89 කාලය තුල සිදුකල   බිහිසුණු ලේ වැගිරීම් ,  වධ දීම් සහ මනුෂ්‍ය ඝාතන වලට සරදම් කල හැකි  තාලයේ කෘර යුගයක් කරා ඒකාධිපති සිරිසේන විසින් ලංකාව සීග්‍රයෙන් රැගෙන යමින් පවතින බවයි. එය පරාජය කල හැක්කේ ඔහුගේ එම ජාති ද්‍රෝහී  බලය නිශේධ කල හැකි බලවත්  නායකයෙක් සමග පෙරමුණ ගත්   පොදුජන එක්සත් පෙරමුණට මිස විජාතික රූකඩයක් සහ තවත්  ඒ තාලයේම කෘර මිනීමරු හිතේ කරුණාව , දයාව අබ ඇටයක් පමණවත් නැති
ලංකාවට , ජනතාවට ද්වේශ කරන රනිල් ප්‍රමුඛ    මිනීමරු  හොර නඩයකට හෝ දැන් ඒ හොර නඩයේ වල්ගේ එල්ලී සිටින මිනී මරු  JVP යට   නොවේ.

අවසාන වශයෙන් කිව යුත්තේ ද්‍රවිඩයන් සහ මුස්ලිමුන් සිතා සිටින ආකාරයේ තම තමන්ගේ  ජාතිකත්වයේ සුරලෝකය මැවීමට  කිසිදු උවමනාවක් "ඇහින්දා" ට හෝ රනිල් ප්‍රමුඛ UNP යට නැති බවයි. 83 ජුලි කලබල ඇති කර දහස් ගණනක් ද්‍රවිඩයන් ඝාතනය කලේ  UNP ය මගින් දියත්කල රාජ්‍ය  ත්‍රස්තවාදයයි.  එසේ ද්‍රවිඩයන් හට "පාඩමක්" උගන්වා ඉන්පසු ආපසු හැරී  ඔවුන්ට ඉදිරි මැතිවරණ වලදී අභියෝගයක් විය හැකි   සිංහල ජාති හිතෙෂි බලවේග වෙත කෘර රාජ්‍ය ත්‍රස්තවාදය මුදා හරියේ  බලය ඉදිරියේ ඔවුන්ට  කිසිදු ජාතියක් ගැන විශේෂ කැක්කුමක් නැති බව හොඳින්ම පෙන්වමිනි. එමෙන්ම කෘර මිනීමරු  රනිල් ප්‍රමුඛ හොර නඩය ට පිටුපසින් හැන්ගෙමින් සහයෝගය දක්වන විජාතික බලවේග වලට අවශ්‍යව ඇත්තේ  එක්සත්ව දියුනුවන රටක් නොව  බෙදී වෙන්වී උනුනුන් මරාගන්නා  ද්වීපයක් ම  බව  ද්‍රවිඩ , මුස්ලිම් වශයෙන් වෙන්වී  වෙන්ව  ගමනක් යෑමට සිහින මවනා , කතිරේ ගසනා සොයුරු සොයුරියන් සිහිතබා ගත යුතුය.

පුරා මාස ගණනාවක්  රට වෙනුවෙන්  සහ ඉදිරි පරම්පරාවට  සෞභාග්‍යවත්  රාජ්‍යයක් හිමිකර දීම වෙනුවෙන්  දිවා රෑ නොබලා මහන්සි වී ජනතාව දැනුවත් කිරීමට  අගනා කාර්ය භාරයක් ඉටුකළ mahinda.info හි සොයුරු සොයුරියන් , කාර්‍ය  මණ්ඩලය සහ පොදු ජන අප හදවතේ නැගුන මහින්ද පවන යතාර්ථයක් , සුළි කුණාටුවක් බවට  බවට පත් කල විමල් විරවංශ , උදය ගම්මන්පිල , වාසුදේව නානායක්කාර සහ දිනේෂ් ගුණවර්ධන  මැතිවරුන්  වෙත අපගේ  හර්දයාංගම  ස්තුතිය සහ කෘතගුණ  පලකරමි. 

Sunday 2 August 2015

මහින්ද තේරුම් නොගන්න ජනතා අභිලාශය


අප්පච්චි මලෝ කණ්ඩායම ටිකෙන් ටික ජනතාව අභිමුකයේ  තමන්ගේ නියත පරාජය තේරුම් ගෙන අවස්ථාවාදී ලෙස මහින්දට ලංවෙන්න පටං අරං ඇත . උං නගින ස්ටේජ් වලට මිනිස්සු හූ කීම ස්වාභාවිකය. මහින්ද මහත්මයා ඒ හීන දීන තුච්ච මිනිසුන්ට  එසේ හූ කියන රැස්වීම් වලට සහභාගී නොවීමට තීරණයක් ගෙන තිබෙන බව දැනගන්න ලැබී තිබේ .

ඒ තීරණය සැබෑවක් නං අපිට කියන්න තියෙන්නේ අනේ පවු මහින්ද ඔයා කියාය .  පැරදිලා ගෙදර ගොස් මාස හයකට පසුවත් , ඉන්  පසුව නැග ආ ජන රැල්ල මත හිඳිමිනුත් ,    මහින්ද මහත්මයාට ජනතා අභිලාෂයන් තේරුම් ගැනීමට  නොහැකිවීම සම්බන්ධයෙන් අපට නම් ඇත්තේ බලවත් කනගාටුවක් සහ අප්‍රසන්න හාස්‍යයකි. අඩු ගන්නේ ඔහු වටේ ඉන්න පිරිසෙන් කෙනෙක්ට  වත් මේ කරුණ ඔහුගේ හිස් ගෙඩිය ඇතුලට කොයි යම් ක්‍රමයකින් සම්ප්‍රේෂණය කිරීමට හැකියාවක් ලැබේ යයි අප බලාපොරොත්තු වෙමු.

මහින්ද මහත්මයා දැනගත යුතු මුලිකම  කරුණ නම් බහුතරයක් ජනතාව ඔහු පසුගිය පාලන කාලය තුල කල යම් යම් ක්‍රියා ප්‍රතික්ෂේප කල බව සහ ඔහුට පාඩමක් ඉගැන්වීමට ජනාධිපති වරණය අවස්තාවක් කල ගත්  බව. ( ජනතාව ඒකෙන්  තමන්ටම කෙල කර ගත්ත එක වෙනම කාරණයකි ).

මහින්ද ජන-අප්‍රිය වීමට මුලික හේතු සාධකයක් වුයේ  තුච්ච සිල්වලා (අප්පචි මලෝ සහ කැළණි මැරයා  ) , අන්තවාදී ආගමික කණ්ඩායම් (BBS ) , දුෂිත නිලධාරින් (යකඩ හොරා )  , කුඩු ලියුමා   වැනි පිරිස් කෙරේ ඔහු ගේ රජය දැක්වූ "අපි දන්නේ නෑ ,අපි දැක්කේ නෑ"  සහනශීලි   ප්‍රතිපත්තියයි.

මහින්ද පැරදුනේ ලක්ෂ දෙකහමාරක් වැනි සුළු ගණනකිනි. මේ සුළු ගණන මහින්දගේ අර නින්දිත පිරිසට අප්‍රසාදය පලකිරීමට මහින්දට විරුද්ධව චන්දය භාවිතා කල  මධ්‍යම පාන්තික නාගරික ජනතාවගෙන් සමන්විත වුවා විය හැක.

මතක තබා ගත යුතු විශේෂම කාරණය නම් මහින්ද ගෙදර ගොස් සති කීපයක් යන තුරු  මහින්ද නැවත ගෙන ඒමට කියා විශේෂ රැල්ලක් ජනතාව අතරින් මතුව නොආ බවයි. ජනාධිපතිවරණයෙන් පසු  මැදමුලනට ගිය පිරිස් තම හදේ නැග  එන වේදනාව සහ කෘතගුණය දැක්වීමට සහ ඒ අසහාය මිනිසා දෙනෙතින් දැක ගෙන වචනයක් කතා කිරීමේ බලාපොරොත්තුවෙන් ගියා විනා ඔහු නැවත දේශපාලනයට ගෙන ඒමේ හෝ මහින්ද රැල්ලක් නිර්මාණය කිරීමේ අරමුණක් ඔවුන්ට නොතිබුණි.

මා ද ඇතුළු මහින්දට චන්දය භාවිතා කල පිරිස් , ජනවාරි 8න් පසු මොහොතක් නැවතී බලා සිටියේ නව රජය කෙසේ කටයුතු කරන්නේද කියාය. ඔවුන් අනා නොගෙන සාර්ථකව රට ඉදිරියට ගෙන ගියා නම් මහින්ද රැල්ලක් ජනතාව අතරින්  නැවත කිසි දිනක නැග නොඑයි. නමුත් නව රජයේ හීන දීන විදේශ , ආරක්ෂක ප්‍රතිපත්ති , නොනවතින ද්වේශ සහගත පලිගැනීම්  සහ කොල්ල කාරී ආර්ථික ප්‍රතිපත්ති   හමුවේ  බොහොමයක් ජනතාවට නැවත මහින්ද වෙත  හැරීමට සිදුවිය. එයට මුලිකම හේතුව මහින්දගෙන් පසුව පක්ෂය ප්‍රභලව ඉදිරියට  ගෙන යාමට සමත්  දක්ෂ ජාතික තලයේ නායකයෙක් එහි නොසිටීමයි. වත්මන් ජනාදිපති සිරිසේන   හෝ  කලින් අග්‍රාමාත්‍ය  ධුර දැරූ කිසිකෙනෙක් හට එවැනි හැකියාවක් කිසිසේත්ම පිහිටා නැති  බව  කාලය විසින් ඔප්පු කර ඇත.

මේ කරුණු හමුවේ මහින්ද හොඳින් වටහා ගත යුතු  වන්නේ  ඔහු වටා සුලියක් මෙන් කැරකෙන මේ   වාසුලිය  ප්‍රධාන වශයෙන්  ම නිර්මාණය වී ඇත්තේ  දේශ හිතෙෂි , ජාති හිතෙෂි , බඩ ගැන නොව රට ගැන හිතන    ජනතා බලවේගයන්ගෙන් බවය. ඔවුන්ට  පුද්ගල ප්‍රතිරුප පලක් නැත. ප්‍රතිමා වන්දනා හෝ මෝහයෙන් යුතුව පුද්ගල වන්දනාවක් ඔවුන්ට අවශ්‍ය නැත.  ඔවුන් සිල්වා වැනි සියලු ආකාරයේ අවස්ථාවාදී දේශපාලනික ගෙම්බන් ,   මැරයන් , සහ දේශ ද්‍රෝහී ජාති ද්‍රෝහී පිරිස් පිළිකුල් කරති.  අවස්තාව ලද තැනදී නොපැකිල තමන්ගේ  පිළිකුල සහ අප්‍රසාදය  හුවෙන් දක්වති.

ඒ   තමන්ගේ  පිළිකුල සහ අප්‍රසාදය  දැක්විය හැකි මානුශියම ක්‍රමය නිසාය. නමුත් අවස්තාවක් ලැබේ නම්  අසුචි වලින් වුවත් ඒ කෙලතොල්ලන්ට සංග්‍රහ කිරීමට ජනතාව නොපැකිලෙන බව සහ  ඔවුන්ගේ අප්‍රසාදය එතරම් ම තීව්‍ර බවද මහින්ද හොඳින්ම අවබෝධ කරගත යතුය. අවාසනාවට මහින්ද තවමත් තේරුම් නොයන්නෙත් මෙයයි. හුවෙන් ජනතා  ඔහු වෙත  සම්ප්‍රේෂණය කිරීමට  උත්සාහ දරන  ජනතා පැතුම  අවබෝධ නොකරගෙන , ඉවත දමා  තුච්ච දීනයන් අතර  සිටගැනීමට සහ   සහ තොන්දොල් කිරීමට   මහින්ද  දරන උත්සාහය කනගාටුදායකය.   ඔහු ඔසවා  තැබූ දේශ හිතෙෂි , ජාති හිතෙෂි ජනතා වාසුලියම නැවත කැරකි  අවුත් ඔහු කරකුට්ටන් වී යන්නට පොලවේ ගැසීමටත්  සමත් බව මහින්ද හොඳින් වටහා ගත යුතුය.