Friday 20 February 2015

West - Here I Cum (A.P Jayasinghe)


කොමෙට් එකක් විදියට ලිව්වත් මඳක් දික්වෙච්ච නිසා මෙතන ම දානවා. අනික තව මාස කීපයකටම මේක වැලිඩ්.  

අපේ පැරකුම් සර් ඊයේ ලියපු දිනූ නිදහස අනතුරේ ලිපියට දාපු කොමෙන්ට් දැකල මට හිනාව නවත්ත ගන්න බැරුව ගියා. බොහෝ දෙනෙක්ට තියෙන උභතෝ ඝෝටික ගැටලුව මේ මිනිහට මොලේ අමාරුවක් හැදිලද කියන එක.  සමහර උං හිතන්නේ  පැරකුම් සර් ඩොලර් කුට්ටි වලට තමන්ගේ ආත්මයම පාවල දෙන්න හදනවා කියල. සමහර උංට ඇමරිකන් නිලධාරින් දක්වන අදහස් අතරත් පැරකුම් සර් ගේ ලියවිලි අතරත් ලොකු සමාන කමක් පේනවා. (හේතුව පහල )

මේ වගේ අදහස් දැක්කම එහෙම නොහිතෙනවා නං  වැරදියි.

අපි 2015 ජනවාරි 08දා නම්, ඓතිහාසික ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයකට මුල පිරුවෙමු. ඒ කෙසේ ද?

අපි ප්‍රජාතන්ත්‍ර විරෝධී, දූෂිත, ඒකාධිපති පාලනයක් පැරදවූයෙමු.
අපි සිංහල බෞද්ධ ජාතික ආගමික අන්තවාදයක් පැරදවූයෙමු.
අපි පැවති ජාතිවාදී රජය ආරක්ෂා කර ගන්නට ඡන්ද වර්ජනයක් යෝජනා කළ දෙමළ ඊලාම් ජාතිවාදීන් පැරදවූයෙමු.
පසුගාමී දුෂ්ට පාලනයක් පැරදවීම සඳහා දෙමළ, මුස්ලිම් ජාතිකයෝ සිංහලයන් සමග එක් වූ හ.
  
බ්‍රිතාන්‍ය යටත්විජිතවාදීන්ගෙන් නිදහස් වූ පසු ලංකාව දිනූ ලොකු ම ජයග්‍රහණය වන්නේ දුෂ්ටත්වයේ හා අශිෂ්ටත්වයේ උච්චතම අවස්ථාව වන රාජපක්ෂ පාලනය පැරදවීමයි. එහෙත්, එතනින් සියල්ල අවසන් වන්නේ නැති බව අපි දනිමු. අප ඉදිරියේ අභියෝග දෙකක් ඇත. එකක් අතීත දුෂ්ටත්වයේ අවතාර නැඟී සිටීමයි. අනෙක වන්නේ අරගලය ඉදිරියට ගෙන යාමයි.

ගොඩක් උං හිතනවා වගේ පැරාට පිස්සු නැහැ. බීලත් නැහැ. අතීතය අමතක වෙලත් නැහැ. මෙතන වෙන්නේ මොකක්ද කියල දන්න කට්ටිය කීප දෙනෙක්ම ඉන්න බවත් පෙනෙන්න තියෙන දෙයක්

උඹල හිතන්න එපා පැරකුම් සර් ගේ විචාර බුද්ධිය, සිහි කල්පනාව බල්ලට ගිහිල්ල කියල. ඔහු මෝඩයෙක් කියලත් හිතන්න එපා. ඔහුට MR  සමග ජන්මාන්තර වයිරයක් තියෙනවා කියල හිතන්නත් එපා. කාලයක් තිස්සේ ඔහුගේ ලිපි කියවන කෙනෙක් විදියට මම දන්නවා ඔහුට ලංකාවේ දේශපාලනය ගැන හොඳ විග්‍රහයක් තියෙන බව. ඔහුගේ සාර්ථක තාර්කික දේශපාලන විවේචන දැනගන්න   කලින් ලිපි බලපල්ලා. 
  
පැරකුම් සර් ගේ මේ මෙහෙයුම දැන් ටික කාලයක් තිස්සේ යන දෙයක්. ඔහු බලාපොරොත්තු උනා ජනාධිපති වරණයෙන්  MR දිනයි කියල. නමුත් අවාසනාවට එහෙම උනේ නැහැ. දැන් ඔහු කැපිටලයිස් කරන්න හදන්නේ ඉදිරි මහා මැතිවරණය.  උඹල හිතනවා නං ඔහු ට ඕනේ එයින් UNP  එක දිනවන්න කියල ඒක මෝඩ අදහසක්. පැරකුම් සර්  ට අවශ්‍ය ඒ මැතිවරණය MR  යටතේ SLFP ය ජයග්‍රහණය වනවා දකින්න. බිම් මට්ටමේ  නිදහස් පාක්ෂිකයන් අතර යන රැල්ලට අනුව ඉදිරි මැතිවරණයේදී නිකමටවත් MR පැමිණියොත් විශාල ජයග්‍රහණයක් ලබාගෙන අගමැති දුරයට පත්වීම කාටවත් වලක්වන්න බැහැ.  මෙතෙන්දි තමයි පැරකුම් සර් ගේ පින පෑදෙන්නේ.  පැරකුම් සර් ගේ දේශපාලන ඉව පෙනෙන්නේ මෙතනින්. අන්න ඒක හොඳට  අවබෝධ කර ගනිල්ලා. ඔහුගේ මේ සැලසුම් සහගතව කරන ද්වේශසහගත MR  විරෝධයේ ප්‍රතිපල නෙලා ගන්නේ එතකොට. ඒ කොහොමද ?
      
මගේ යාලුවෝ (අවාසනාවට උං මගේ යාලුවෝ උනේ ඉස්කෝලේ දැන හැඳුනුම් කම මතයි ) දෙන්නෙක් මේ වගේම අන්තර්ජාල මෙහෙයුමක් කළා 2008-2009 වකවානුවේ

උං  දෙන්නා කරේ යුද්ධය විවේචනය කිරීම. හමුදාව අහිංසක ජනතාව  සමුල ඝාතනය කිරීම , යුධ අපරාධ කිරීම , අත්අඩංගුවට ගත් ත්‍රස්තයන් ඝාතනය , දරුවන් ඝාතනය,  ඉස්පිරිතාල වලට බෝම්බ දැමීම වගේ අසත්‍ය කරුණු   ඔවුන් පල කළා. ඒ වගේම රාජපක්ෂ ආණ්ඩුව දරුණු ලෙස විවේචනය කල ජාත්‍යන්තර ජනමාධ්‍ය වල පළවුණු ලිපිත් පරිවර්තනය කොට පල කළා.  විදෙස් දේශපාලකයන්ගේ කුහක  ප්‍රකාශ පරිවර්තනය කරලා ගෙඩි පිටින් දැම්මා.  ජාත්‍යාලයෙන් ඔජ වැටුණු අපේ අයියල , මල්ලිලත් ඒ දවස් වල මේ   අන්තර්ජාල අඩවි වල  හිටු කියල බැනල , තර්ජනය කරලා , කුණුහර්ප කියල කොමෙන්ට් දැම්ම.

යුධ ජයග්‍රහණයෙන්  කීප දිනකට පස්සේ  මේ දෙන්න මිසිං ගියා. එක්කෙනෙක් සංචාරක වීස වලින් ජපානේ ගිහිල්ල දේශපාලන සරණාගත  වීසා වලට අයදුම් කරනකොට අනිකා යුරෝපේ ගිහිල්ල ඒකම කරා. දෙන්නම එක රටට නොගියේ ඔවුන්ගේ අයදුම් පත්‍ර දෙකම එක සමාන නිසා වැඩේ කචල් යයි කියල.  ඔවුන් තමන්ගේ අයදුම් පත්‍ර  වලට ඉදිරිපත් කල සාධක වල මුලටම තිබ්බේ අර කරපු මරණ තර්ජන සහ බැන  වැදීම්.  යුධ විරෝධී පිකටිං වල ගත්ත චායාරුප. දැන් දෙන්නම දෙයියනේ කියල තමන්ගේ දරු පවුල් එක්ක මේ රටවල ඩෝල් එකත් අරගෙන , දරුවන්ට උගන්නගෙන , සයිඩ් එකේ කෑෂ් ඉන් හෑන්ඩ් වැඩකුත් කරගෙන ජොලියේ ඉන්නවා.  

ඔවුන්ගේ ඒ වැඩපිළිවෙලත් , පැරකුම් සර්  ගේ වැඩපිළිවෙලත් අතර විස්මය දනවන සමාන කමක් මට පේන්න තියෙන නිසා තමයි මේ ලියන්නේ.

ෆාරිය පුජකතුමා එද්මොන් දාන්තෙට බිංගෙය තුලදී කියනවා යම්කිසි අභව්‍ය , අස්වාභාවික තර්කානුකුල ලෙස නොපෙනෙන සිදුවිමක ඇතුලාන්තය විමසීමේදී එයින් ප්‍රතිලාභ ලබන උදවිය සම්බන්ධව විමර්ශනය කරන්න කියල (ඒ වගේ රෙද්දක් තමා තිබ්බේ )

හැම තාත්තා කෙනෙක්ට යම්කිසි වයසකදී තමන්ගේ ප්‍රතිපත්ති , ඇදහිලි බල්ලට දාල තමංගේ දරු පවුලේ අභිවුර්ධිය ගැන කටයුතු කරන්න වෙනවා. පැරාත්  ඒ  සංසිධියෙන් බාහිරව ඉන්න නිර්ව්‍යාජය විප්ලව වාදියෙක් කියල  උඹලා හිතනවා නං ඒක වැරදියි. පැරාගේ දරුවොත් දැන් ලොකු මහත් වෙනවා. උන්ටත් බඩගිනි දැනෙනවා. හැම තාත්තා කෙනෙක්ට වගේම පැරා  ටත් තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන හිතේ බරක් තියෙනවා.   භාෂා ගුරුවරෙයෙක්ට සහ හෙදියකට ලැබෙන  සොච්චම් වැටුපෙන් ඔවුන්ට අදකාලේ හැටියට හොඳ වැඩිදුර අධ්‍යාපනයක් දීම සිහිනයක් පමණයි.   අන්තරේ තිරශ්චින නවක වද ගැන සමාජවාදී පක්ෂ ඇතුලේ ඉන්න ඒවුන් ට තියෙන අවබෝධයේ හැටියට පැරා හිතනවා නං  තමන්ගේ දරුවන්ට විදෙස් අධ්‍යාපනයක් ලබා දීම ගැන,  එකේ කිසිම වැරැද්දක් අපිට කියන්නත් බැහැ.

මේ තත්වය යටතේ පැරකුම් සර් අදහස් කරනවා  නං පවතින ව්‍යාකුල දේශපාලන තත්වය කැපිටලයිස් කරලා එයින් තමන්ගේ ජිවිතයට , පවුලේ අභිවුර්ධියට යම්කිසි පියවරක් ගන්න , ඇත්තටම අපි ඒ ගැන සානුකම්පික විය යුතුයි.

අර බස් එකේ හිඟන වකුගඩු රෝගීන්ට රුපියල් 10 විස්සක් දීල උපකාරයක් වෙනවා වගේ , පැරාගේ මේ අහිංසක ව්‍යායාමයට පොඩි දායකත්වයක් දෙන්න උඹලටත් කැමැත්තක් තියෙනවා නං පහත තියෙන කොමෙන්ට් ටෙම්ප්ලේට් ආදර්ශයට අරගෙන w3lanka.com එකේ කොමෙන්ට් කොටපල්ලා.

1. පැරකුම් තොට පිස්සුද ? අපි දන්නවා තොගේ පිස්සුව හොඳ කරන විදිය යකෝ
2. බල්ලා , තොට සුදු වෑන් එකේ යන්න ආසද ?
3. අහුඋනොත් මරනවා තෝව
4. තොගේ ගෙදර මම දන්නවා යකෝ. ගිනි තියනවා දැනගනින්.
5. අපේ ආණ්ඩුව ආවම තෝව ඉතුරු කරන්නේ නැහැ බල්ලා. දරු පවුල පිටිං මරනවා. 

ළමයින්ට මතකයි නේද ඉස්සර   SPC පොත් වල තිබ්බ මෙට්‍රික් චක්කරේ ? අර මිලි ලීටර් 10 = ඩේසි ලීටර් 1 චක්කරේ.

ඒ වගේ දේශපාලන සරණාගත  වීසා වලට අයදුම්  කරන්න ගන්න කොමෙන්ට් කොටනකොටත් දැනුවත් විය යුතු චක්කරයක් තියෙනවා. එක තමයි ..

ඇනෝ කොමෙන්ට් 100 = ප්‍රොෆයිල් කොමෙන්ට් 1
සිංහල කොමෙන්ට් 50 = ඉංග්‍රීසි කොමෙන්ට් 1

අපේ අයියල මල්ලිලා පැරකුම් සර් ට මේ විදියට පොඩි සප් එකක් දෙනවා නං සර් ට තමන්ම තමන්ට බැනගෙන  ඇනෝ කොමෙන්ට් දාගෙන වද වෙන්න ඕන නැහැ. දිවුරුම් පරිවර්තකයන්ට යන මුදලත් ඔහුට ඉතුරුයි.  එහෙම උදව්වක් කරන්නත් බැරි නං ... අහිංසක පැරකුම් සර් ට බැනල පවු පුරෝගන්නේ නැතිව ඔහුගේ මේ අහිංසක වෑයම දිහා උපේක්ෂාවෙන් බලපල්ලා.

සතුටුවෙයල්ලා ... ඉරිසියාව අත  ඇරපල්ලා  ...

Monday 16 February 2015

UNP කාරයෝ පපර බෑන් ගගහ බජව් දාන්නේ ඇයි ....

වැඩිය මුකුත්  කියන්නේ නැහැ. ඊයේ මට වෙච්ච දෙයක් කියන්නං.

ඊයේ මම තාප්පේ ගාව පොඩි වැඩක් කර කර ඉන්නකොට එහා ගෙදර මිනිහ තව මිනිහෙක් එක්ක කතා කරනවා. මේ වැඩ කරන මිනිහ ලව්වා ගෙදර අතු කපනව  , මිදුල සුද්ද කරනව . මිනිහගෙන්  බරටම වැඩ ගන්නවා කියල තේරෙනවා.

එහා ගෙදර මිනිහ ගැන කියනවා නං , රස්තියාදු ගහ ගහ හිටපු මිනිහ සංස්ථාවකට ගියේ , ගෑනී  බැංකුවකට ගියේ , දුව , පුතා විතරක් නමෙයි මුනුපුරු මිනිපිරියෝ ඉස්කෝලේ ගියෙත් රැකියා කරනෙත් දේශපාලන පත්වීම් උඩ. UNP  ලිස්ට් එකෙන් 1977 JR ගේ කාලේ ඉඳල.  මය්ත්‍රී දිනපු වෙලාවේ පළාතේ රතිඥා පත්තු කරපු තැන් කීපෙකින් එකක්.

මය්ත්‍රී ට චන්දෙ ට චන්දෙ දීල ජනාධිපති කරපු  මෝඩ මිනිස්සු රනිල් කැබිනට් පත් කරනකොට පුදුමෙන් බලන් හිටියත් UNP එකේ අරටු වෙන මේ වගේ කට්ටිය දැනන් හිටිය වෙන්නේ මොකද කියල ... මය්ත්‍රී නමින් පත් වෙන්නේ කාගේ ආණ්ඩුවද කියල ....

මිනිහ කියනවා සේවකයාට ...
මිනිහ: දැන්ම බැහැ .... අප්‍රේල් වලින් පස්සේ තමයි. සර් කැමති නැහැ දැන්ම _____ සංස්ථාවට ලිස්ට් යවන්න. පටන් ගත්ත හැටියේ නේ.
සේවකයා: හා මහත්තයෝ
මිනිහ: එත් මට ෂුවර් කරන්න අමාරුයි . අරය ආවොත් සර් ගේ ආසනේ ෂුවර් නැහැ.. එතකොට නං මොනවා වෙයිද කියන්න බැහැ හරිද
ගෑණි: (මැදට පැනලා .. )එයා , දේශපාලනෙන් විශ්‍රාම යනවා කියල නේ ගියේ .. ආයි  එන එකක් නැහැ.
මිනිහ: ඔව් ඔව් .. එත් කියන්න බැහැ නේ ... හදිසියේ වත් ආවොත් කියල කිව්වේ. බලමුකෝ 18 මොනවා කරයි ද කියල එයා
සේවකයා: හා මහත්තයෝ  

ඔන්න බිම් මට්ටමේ UNP කාරයෝ අප්‍රේල් මාසේ වැඩ අල්ලන්න ලැස්ති වෙලා ඉන්න හැටි.