Saturday, 11 April 2015
ජොබ් එක සහ ආණ්ඩුව
මගේ පෞද්ගලික ජිවිතයට සම්බන්ධ හරි අපුරු සිදුවීමක් බෙදා ගන්න හිතුනා වර්තමාන දේශපාලන සන්ධර්භයත් එක්ක තියෙන එහි පුදුමසහගත ගැලපීම දුටුව නිසා.
පසුගිය අවුරුදු කීපයේදී මම වැඩ කරපු තැන ප්‍රොජෙක්ට් 20-30 ක් පමණ සාර්ථකව නිම කරලා සියල්ලම නියමිත පරිදි බාර දීලා මා එම කොම්පැනියෙන් ඉවත් වෙලා ගියා. (මට පෞගලිකව වැටහීමක් තිබෙනවා මම කල ඒ වැඩ කොටස වෙන කිසිම යකෙක්ට කරන්න බැරි තරම් බව.) යන්න කලින් මගේ වැඩ බාර ගන්න බඳව ගත්ත පුද්ගලයට සියලුම වැඩ මාසයක කාලයක් තුල පුහුණු කිරීමත් එයට ඇතුලත්ව තිබුනා.
මාස ගණනාවකට පසුව එහි මගේ මැනේජර් ව සිටිය කෙනා ගේ අමුත්තක් දුටුව නිසා මා මඳක් විමසිලිමත් උනා එයට හේතුව සොයා ගන්න. එතකොට තමයි දැනගත්තේ. අලුතෙන් මගේ තැනට ආපු පුද්ගලයා ඉවත්ව ගිය මා, පසුගිය කාලය තුල සාර්ථකව අවසන් කර ගිය ප්‍රොජෙක්ට් වල නැති වැරදි පෙන්වා දෙමින් සිටින බව. ඒවා හරියට කරලා නැහැ. තාක්ෂණික වැරදි තියෙනවා. ඩොකියුමන්ටෙෂන් මදි. etc .. මේ හේතු දැක්වීම් නිසා එහි මැනේජර් ගේ සිත මා සම්බන්ධයෙන් බිඳී තිබෙන බව මට වැටහුනා. ( ඉතිං මට පුකයෑ. මම එතන වැඩ නෑ නේ.)
අපුරු දේ නං මේකයි. මා එහි සිටින විට දින 3 කිං නිම කිරීමට හැකියාව තිබු ප්‍රොජෙක්ට් එකක් මාස 6 කට පසුව තවමත් අවසන් කර නැහැ. සමාන්තරව ව කර මට සුමාන 3 කින් පමණ නිම කල හැකිව තිබු තවත් ප්‍රොජෙක්ට් එකකට අතවත් ගසා නැහැ. එහෙනං මම වැඩ බාර දී ගියා ට පසු කිසිම දෙයක් සාර්ථකව නිමා නොකළ මේ පුද්ගලයා මම හොඳට සාර්ථකව අවසන් කර බාර දී ගිය ව්‍යාපෘති වල ඇද කියමින් මා එයින් තොලොංචි වී ගිය පසුවද එහි මැනේජර් ගේ සිත බිඳවන්න හදන්නේ මන්ද ?
ටිකක් හිතන විට එහි ඇති අමුත්තක් නැති බව පෙනී ගියා. දක්ෂ පුද්ගලයා තමන්ට බාර දුන් දෙය නිම කරයි. එක්ස් කියුස් නැත. අනිත් උන්ගේ වැඩ ගැන විවේචන නැත. දුන් කාර්යය සාර්ථකව නිම කර එයින් සතුටක් ලබා ඉවත් වී යයි.
වැඩ බැරි අසාර්ථක පුද්ගලයා තමන්ගේ නොහැකියාව වසා ගැනීමට අනුන්ගේ (නැති ) වැරදි කියමින් කල් මරයි. පරණ දෙයෙහි වැරදි කියමින් ඒවා නිවැරදි කිරීමට විශාල කාලයක් ශ්‍රමයක් වැය කිරීමට සිදු වී ඇති නිසා අලුත් දේ කිරීමට නොහැකි බව කියමින් කල් මරයි. අන් අයගේ සිත් දක්ෂ පුද්ගලයා කෙරේ බිඳවයි. නැතහොත් ඔහුට පැවැත්මක් නැත.
දැන් ඉතිං ඔය වාසගම් වලට මෙව්වා ආදේශ කරලා නැවත කියවීමක් කරන්න ...
මම = මහින්ද
මැනේජර් = general public
අදක්ෂ අසාර්ථක පුද්ගලයා = යහපාලන නඩය
ප්‍රයෝගික ලෝකයේ තනි තනි පුද්ගලයන්ගේ හැසිරීමත් කණ්ඩායමක හැසිරීමත් මොනතරන් සමපාත වේද ?
Subscribe to:
Post Comments (Atom)
Ela post eka. Eth politics walata mama nethi nisa awasaanaya poddak awul wageeya. Isthuthiy.
ReplyDeleteඔක්කොම නවත්තලා දේශපාලනය කතා කරන්න වෙලා තියෙන කාලයක් ඇවිල්ල තියෙන්නේ
Deleteමැක්කා සහ නයා යනු එකිනා අතර සහසම්බන්ධයක් නැති සත්ව වර්ග දෙකකි. ඔබ ඒ දෙහෙනා අගේට සම්භන්ධකර තිබේ..:)
ReplyDeleteකොටකෙත මිනීමැරුමට මහින්ද වැරදිකාරයා කිව්ව වගේ නේද ?? හිකිස්... I will not argue. Its useless. Im not Jesus. I can NOT make blind see. :)
Deleteඔය උපදංශයා කියන්නේ යහපාල නයෙක් ගහපු පිස්සෙක්
Deleteඕකගේ ඇස්දෙක පේන්නේ නැත්තේ ඒ නයි විසට