Friday 4 September 2015

මේ ආණ්ඩුව පට්ට ඕයි !




කලින් අකමැත්තෙන් සිටියත් , මානම් ඇත්තටම මේ ආණ්ඩුවට සහ මය්ත්‍රී ට දැන් කැමතිය. ඔවුන් හැකි සෑම උත්සාහයක් ම ගන්නේ තමන් චන්දයට පෙර වුන පොරොන්දු ඉෂ්ට කිරීමටය. ඇත්තටම කියනවා නම් මේ ආණ්ඩුව තරම් ජනතාවට දුන් පොරොන්දු අකුරක් නෑර ඉෂ්ට කිරීමට උත්සාහ කරන , ඒ වෙනුවෙන් අන්තිම දහදිය බින්දුව දක්වා කැප වෙන ආණ්ඩුවක් මෑත ඉතිහාසයේ නම් මම දැක නැත. සාමාන්‍යයෙන් වෙන්නේ එහි අනිත් පැත්තය. මැතිවරණ සමයේ දුන් පොරොන්දු දිනුවාට පසුව දුන්නා දැයි කියාවත් නොදන්නා සේ හැසිරෙන මෑත කාලින දේශපාලන සන්ධර්භය තුල මේ ආණ්ඩුවේ වගකිව යුතු සියලු දෙනා තම පොරොන්දු වලට දැඩි ලෙස බැඳී ඒවා තම වගකීමක් ලෙස සැලකීම ඇත්තටම හොඳ ආණ්ඩුවක ලක්ෂණයක් බව සිතමි.

උදාහරණ ගන්න.
මය්ත්‍රී පත්වුණේ UNP චන්ද වලිනි. ඔහු මේ දක්වා සෑම පියවරක් ම ගන්නේ තමන් පත් කල පක්ෂයට , ජනතාවට සාධාරණය ඉෂ්ට කිරීමටය. එහි ඇති වැරැද්ද කුමක් ද ? නිදහස්පක්ෂ කාරයන් වල්ගේ පාගා ගෙන මය්තිරි “අපේ එකෙක්” කියා සිතීම , මය්තිරි පස්සේ වැටීගෙන යාම , පක්ෂය ඔහුට පාවා දීම ඔවුන්ගේම මන්ධ බුද්ධික බවේ පිලිඹුවකි.

මය්ත්‍රී පැහැදිලිවම කවුරු දිනුවත් තමන් පත් කරන්නේ හවුල් ආණ්ඩුවක් බව කිව්වේය. ජනතාව කැමති විය. UNP එක ට බහුතර බලයක් දී එය ප්‍රධාන පක්ෂය කළේය. හරි නේ.

රනිල් පැහැදිලිවම දිනුවොත් මත්තල වී ගබඩා කරන බව කිව්වේය. කිව්ව ලෙසම දැන් කරයි. ජනතාව බහුතරයකින් ඔහු බලයට පත් කලේ එය ඔවුන්ගේ කැමැත්ත වූ නිසාය. රනිල්ට බනින්නේ ඇයි? ඔහු කරන්නේ ජනතාව ඔහු පත්කළ කාරනා ඉස්ට කිරීමය.

රනිල් , මය්ත්‍රී රණ විරුවන් සහ මහින්ද . ගෝඨාභය උධ අපරාධ වලට වැරදි කරුවන් කර දඬුවම් කරන බව කිව්වේය. ජනතාව එයට කැමති වී බලය දුනි. දැන් ඔවුන් එය කරයි. මේ ජනතා කැමැත්තට හිස නැවීම නොවේ නම් වෙන කුමක් ද ?

ජනතාව මහබැංකු ගනුදෙනුව අනුමත කළහ. එයට වගකිව යුත්තන් උඩින්ම පත් කර ගතහ. ෆෙඩරල් විසඳුමක් UNP ආණ්ඩුවක් විසින් ගෙන එන බව නොදන්නා කෙනෙක් නොසිටියහ. එසේම බහුතර ජනතාව එය අනුමත කර ඇති බව පෙනේ. එමෙන්ම ආණ්ඩුවද තම පොරොදු දුන් ලෙසම ඉෂ්ට කරමින් ෆෙඩරල් දිශාවට යන බවද පෙනේ.

තව මේ වගේ කරුණු ගණනාවක් දැක්විය හැක. නමුත් එකක් පැහැදිලිය. මේ ආණ්ඩුව තමන්ගේ පොරොන්දු දුන් ආකාරයෙන්ම ඉෂ්ට කිරීමට අධික උනන්දුවක් දක්වන බවය. බහුතරයක් ජනතාවට අවශ්‍ය වුනේ එය බව ද පැහැදිලිය. එය සාධනීය ලක්ෂණයක් නොවන්නේද ?

එසේ නම් කුමට අඬන් නේද ? මේ බහුතරයට අවශ්‍ය විදියට රට ගෙනියනවට අකමැති කෙනෙක් ඉන්නවා නම් නම් වෙන රටකට ගොස් සැපසේ ඉඳපල්ලා බං .

සිංහලයා හට පිහිට – නො වව් කිව් බස සැබෑ කළෙ මට


මහින්ද මහතාට වී ඇත්තේ අමුතු දෙයක් නොවේ. මේ සියල්ල මේ ආකාරයෙන්ම නොවුනා නම් තමයි පුදුමය.

ඉතිහාසයේ පටන්ම ලංකාවේ මිනිස්සුන්ට වැඩ කිරීමට ගොස් හොඳක් අහ ගත්ත කෙනෙක් නැත. ධර්ම පාල තුමා විවාහ නොවී , තම පාරම්පරික බුදලය සහ විශාල වශයෙන් ලැබුන විදේශීය පරිත්‍යාග ලංකාවේ මිනිසුන් උදෙසා නොමසුරුව පරිත්‍යාග කර , උගුර ලේ රහ වෙන තුරු දේශනා පවත්වමින් , හිරේ විලංගුවේ වැටෙමින් , ගුටි කමින් නොවිඳිනා දුක් විඳ දේශයේ උන්නතිය , ශාෂණයේ උන්නතිය උදෙසා කටයුතු කර ගෙන ගියත් එතුමාටත් හොම්බ බිම ඇනෙන තෙක්ම තමන් ඒ කැපවී වැඩ කරේ මොන තරම් සත්තු පිරිසකටද කියා අවබෝධ කර ගැනීමට නුවන මද විය. මෙච්චර වැඩ කල බුද්ධාගම් කාරයන්ම බහුතරයක් එතුමාට හොරා කියමින් නින්දා කරන ලදී. ලාංකිකයන්ගේ තරම වැටහුන විට “මගේ කකුල් දෙක වත් ලංකාව පැත්තට හරවන්න එපා” කියමින් මළේය. මට මේ කරුණ මතක් උනේ පහුගිය කාලයේදී බෞධයන් (යයි කියා ගන්නා) විශාල සංඛ්‍යාවක් , මහින්ද ඉදිකිරීමට උත්සාහ කල සඳු හිරු සෑය විවේචනය කරනවා ඇහුන නිසාය.

ලංකාවේ බහුතරය සතුන්ටත් අන්ත මිලේච්ච ගති හා සිතුවිලි ඇති මිනිසුන්ය. සතුන්ට උදව්වක් කල විට මතක තියේ. මොවුන් ඊටත් අන්තය. නිදහස ලැබී වසර 70 පමණ ගෙවී ඇත. බහුතරයට අවශ්‍ය විදියට ජනතා නියෝජිතයන් පත් කර ගෙන ඇත. හමුදා කුමන්ත්‍රණ ,විප්ලව ආදියට වරද පටවා අත පිහ දා ගත නොහැකිය. එමනිසා රට 100% පාලනය වී ඇත්තේ බහුතරයේ අභිලාශය අනුව බව පෙනේ. තවමත් ලංකාව තුන්වන ලෝකයේ , දුප්පත් , දුෂණය , භිෂණය , ජඩ දේශපාලනය පිරුන හොරිකඩ රටකි. පැහැදිලිවම බහුතරය එසේ සිටීම තමන්ගේ කැමැත්ත බව පෙන්වා ඇත.

රටට ආදරය කරන සුළු පිරිසක් විසින් 1970 දීත් , 2005 දීත් මේ හොරිකඩ ගමන් මග වෙනස් කර රට දියුණුවේ දිශාවකට යොමු කිරීමට සාධනීය උත්සාහයක් ගන්න ලදී. නමුත් ඉතිහාසය විසින් නැවත නැවතත් පෙන්වා දී ඇත්තේ ලාංකික බහුතරයක් මිනිසුන්ට එසේ දියුණුවක් ලබා ගැනීම අවශ්‍ය නොවන බවයි. ඒ ගන්න උත්සාහයන් ආපිට පෙරලීමට සහ ඒ රටට ආදරය කරන මිනිසුන් පොළවටම සමතලා කර හැකිනම් රටෙනුන් එළවා දැමීම බහුතරයේ කැමැත්ත බවයි. 1930 දී ධර්ම පාල තුමාටත් , 77 දී මැතිනියටත් වූ දේ 2015 දී මහින්ද මහතාට සිදු වෙමින් පවතී. අහම්බයක් ද ?? කිසිසේත්ම නැත

මේ සත්‍යය තේරුම් ගැනීමට තරම් බුද්ධියක් ඔබ වෙත ඇත් නම් අවබෝධ කරගත යුතු සරලම දේ නම් “ඔය රට කිසි දවසක හැදෙන තැනක් නොවන බවයි” පවතින ලෝක ආර්ථික වටපිටාව තුල දියුණු රටක් වීමට කැමැත්ත ඇත්නම් මහා කාලයක් අවශ්‍ය නැත. වසර 20 ඕනවාටත් වඩා ඇති ය. අවුරුදු 70 තුල නොකෙරුණ දේ , ඉදිරියේදී වෙන්නේද නැත. මේ අකාලික සත්‍යය මහින්ද මහතාටත් දැන් තේරුම් ගොස් ඇති බව පෙනේ. ඔහු මයිත්‍රී , රනිල් සමග කුළුපගව ඉදිරි ගමනක් යාම මා 100% අනුමත කරමි. ලාංකික දුර්ජනයන්ට හොඳ කිරීමට යාම නිසා ඉදිරියේදී ඇතිවෙන අන්තර්ජාතික යුධ අපරාධ චෝදනා වලින් බේරී සිටීම නම් මයිත්‍රී , රනිල් සමග කුළුපගව සිටීම , ඔවුන් සමග සහයෝගයෙන් කටයුතු කිරීම අවශ්‍ය වේ. එසේ නොකර වෙනත් පෙරමුණු පිහිටවාගෙන අකෘතඥ සිංහල මිනිහා නියෝජනය කරන්න ගියොත් එතුමාට වෙන්නේ සිරභාරයට පත් වී හේග් යාමටය. එකක් පැහැදිලිව කියමි. එසේ ගෙන ගියොත් … “අනේ අපොයි” කියා අනිත් පැත්ත හැරී පස්ස උඩ දමා නිදා ගන්නවා හැරුන කොට .. ඔය ලක්ෂ 47 ක් වෙන එතුමන්ගේ පාක්ෂිකයන් යයි කියා ගන්න පිරිසගෙන් වත් ඒ සම්බන්ධයෙන් කිසිම විරෝධයක් නොනැගෙන බවයි. වැඩිම උනොත් ෆේස් බුකියේ ඒ ගැන මේම් කීපයක් පලවෙනු ඇත.අතන මෙතන කොමෙන්ට් කීපයක් වැටෙනු ඇත . එපමණකි. ඒ නිසා එතුමා වෙනත් මාර්ග වලින් තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීම මා අගය කරමි. අනුමත කරමි.

ඉදිරියේ මහින්ද මහත්මයාට කරන්න ඇත්තේ ,

දියෙහි යන දණ්ඩට – පිහිටක් වුවත් පෙර සිට
සිංහලයා හට පිහිට – නො වව් කිව් බස සැබෑ කළෙ මට

යන වාක්‍යය සිහිකර ගනිමින් , තම අධ්‍යාත්මික දියුණුව උදෙසා යමක් කිරීමට ඉදිරි කාලය වැය කිරීම බව මට නම් හිතේ. ඉදිරි අනාගතයේදී ලාංකික බහුතර දුදනන්ට යහපත කරන්න බලාපොරොත්තු වෙන දේශ හිතේෂින් වේ නම් , ඔවුනුත් මේ කව සිහියේ තබා ගත්තොත් හොඳය.