Monday 16 February 2015

UNP කාරයෝ පපර බෑන් ගගහ බජව් දාන්නේ ඇයි ....

වැඩිය මුකුත්  කියන්නේ නැහැ. ඊයේ මට වෙච්ච දෙයක් කියන්නං.

ඊයේ මම තාප්පේ ගාව පොඩි වැඩක් කර කර ඉන්නකොට එහා ගෙදර මිනිහ තව මිනිහෙක් එක්ක කතා කරනවා. මේ වැඩ කරන මිනිහ ලව්වා ගෙදර අතු කපනව  , මිදුල සුද්ද කරනව . මිනිහගෙන්  බරටම වැඩ ගන්නවා කියල තේරෙනවා.

එහා ගෙදර මිනිහ ගැන කියනවා නං , රස්තියාදු ගහ ගහ හිටපු මිනිහ සංස්ථාවකට ගියේ , ගෑනී  බැංකුවකට ගියේ , දුව , පුතා විතරක් නමෙයි මුනුපුරු මිනිපිරියෝ ඉස්කෝලේ ගියෙත් රැකියා කරනෙත් දේශපාලන පත්වීම් උඩ. UNP  ලිස්ට් එකෙන් 1977 JR ගේ කාලේ ඉඳල.  මය්ත්‍රී දිනපු වෙලාවේ පළාතේ රතිඥා පත්තු කරපු තැන් කීපෙකින් එකක්.

මය්ත්‍රී ට චන්දෙ ට චන්දෙ දීල ජනාධිපති කරපු  මෝඩ මිනිස්සු රනිල් කැබිනට් පත් කරනකොට පුදුමෙන් බලන් හිටියත් UNP එකේ අරටු වෙන මේ වගේ කට්ටිය දැනන් හිටිය වෙන්නේ මොකද කියල ... මය්ත්‍රී නමින් පත් වෙන්නේ කාගේ ආණ්ඩුවද කියල ....

මිනිහ කියනවා සේවකයාට ...
මිනිහ: දැන්ම බැහැ .... අප්‍රේල් වලින් පස්සේ තමයි. සර් කැමති නැහැ දැන්ම _____ සංස්ථාවට ලිස්ට් යවන්න. පටන් ගත්ත හැටියේ නේ.
සේවකයා: හා මහත්තයෝ
මිනිහ: එත් මට ෂුවර් කරන්න අමාරුයි . අරය ආවොත් සර් ගේ ආසනේ ෂුවර් නැහැ.. එතකොට නං මොනවා වෙයිද කියන්න බැහැ හරිද
ගෑණි: (මැදට පැනලා .. )එයා , දේශපාලනෙන් විශ්‍රාම යනවා කියල නේ ගියේ .. ආයි  එන එකක් නැහැ.
මිනිහ: ඔව් ඔව් .. එත් කියන්න බැහැ නේ ... හදිසියේ වත් ආවොත් කියල කිව්වේ. බලමුකෝ 18 මොනවා කරයි ද කියල එයා
සේවකයා: හා මහත්තයෝ  

ඔන්න බිම් මට්ටමේ UNP කාරයෝ අප්‍රේල් මාසේ වැඩ අල්ලන්න ලැස්ති වෙලා ඉන්න හැටි.

2 comments:

  1. අර රුපියල් 50,000 ඔට්ටුව පැරදුනා නේද?

    ඒක නොවෙයි, කවදද ආපහු ඩවුන් අන්ඩර් එන්නේ?

    ReplyDelete
  2. ඔව් රසික පැරදුනා. නමුත් පවුලේ කෙනෙක්ට. එම තැනැත්තා එය සමාජසේවා වැඩකට යොදන්න ඉන්නවා. මටත් සතුටුයි.

    ආපු දිනය ත් කොමෙන්ට් එකෙන්ම හොයාගන්න බැරියැ :P

    ReplyDelete