Sunday 24 November 2013

2014 අය වැය නරකද ?

අය වැයට මිනිස්සු හෝ ගා බනිති . නෙට් එකේ බලපු බලපු තැන ඇත්තේ කුණුහරපෙන් බැන දැමු . මෙම්ස් , කාර්ටූන්ස් සහ කොමෙන්ට්ස් ය ...
  
මේ බනිනා  මිනිසුන් කවුරුන්ද  ?   මධ්‍යම  පාන්තික ,රක්ශාවෙන් තම ජීවිතය ගෙවන අන්තර්ජාලය භාවිතා කරනා උදවිය වේ .

ඔවුන්ගේ අදහස් විමසු විට පෙනෙන්නේ මෙතෙක් මහින්ද රාජපක්ෂට චන්දය දුන් කිසිවෙක් නැත්තා සේය.  නමුත් මේ තාක් තිබු චන්ද සහ මින් ඉදිරියට තිබෙනා චන්ද සියල්ලකින්ම රාජපක්ෂ රජය උඩින්ම දිනන  බව මිස පරදින බවක් නොපෙනේ. එසේ නම් මේ විප්‍රකාරයට  හේතුව  කුමක්ද ?

මහින්දට චන්දෙ දෙන්නේ අඟහරු ලෝකෙන් , රුසියාවේ  , චීනෙන් පැමිණි මිනිසුන් නොවන බව අපි දනිමු. එසේ නම් තවදුරටත් ලංකාවේ බහුතරයක් රාජපක්ෂ රජය සමග සිටිනා බව තේරුම් ගත යුතුය. ඒ කවරහුද ? ඔවුන් මෝඩයන් ද ? ඔවුන් රාජපක්ෂ රජයට ලෙන්ගතුව සිටීමේ පදනම කුමක්ද ? කුමක් කරත් නොකරත් රාජපක්ෂ රජය එක දෙයක් නම් හොඳින් මේ දක්වා කරන බව පැහැදිලිය.  එනම් බහු ජන විඥානය  හඳුනාගෙන ඒ අනුව කටයුතු කිරීමය.   එය මේ අය වැයෙන් ද හොඳින් දිස් වන්නකි. එය ප්‍රජාතන්ත්‍ර වාදයට පටහැනිද නොවන්නේය. එනම් බහුතරයකගේ කැමැත්ත , මතය අනුව පාලනය ගෙන යාමයි.   

ලංකාවේ බහුතරය නෙට් එන අයද ?  ඒ අයගේ මතයෙන් රටක ජනතාවගේ මතය පිළිඹිබු වේද ? මගේ අදහස නම් නැත යන්නයි. 

මුලින්ම බලමු. අය වැයක් තියන්නේ බදු සහන දීමටත් පඩි වැඩි කිරීමටත් විතරද ? කෑමට , රීමට සහන දී සුභසාධන ආණ්ඩුවක් පවත්වාගෙන රටක් දියුණු කල හැකිද ?  රටක  පෞද්ගලික නිශ්පාදකයා උනන්දු කොට  දේශීය නිෂ්පාදනය නැංවීම උත්තේජනය කිරීමට කලයුතු දේ එම රටට එන බාල , ලාභදායක ආනයන ද්‍රව්‍ය සහ රටේම නිෂ්පාදනය කල හැකි ලුණු , එළවලු , කුළුබඩු ආදිය සඳහා ආනයනික  රේගු බදු වැඩිකිරීම නොවේද ? 
 
මෙහි පැති  දෙකක් ඇත්තේය. ආනයනික  ආහාර ද්‍රව්‍ය වල මිල වැඩි වූ විට මධ්‍යම පාන්තිකයා  කෑ මුර දෙයි. ආනයනික ද්‍රව්‍ය වල බදු අඩු වූ විට ලාභ ආදේශක මගින් වෙළඳපොල සංතෘප්ත වී තම දේශීය නිෂ්පාදන ලාභයකින් යුතුව විකිනීමට නොහැකි වී ගොවියා වස බී නසී.  චන්ද්‍රිකා ගේ පාලන යුගයේ  ඉතා බහුල ලෙස සිදු වූ ගොවි සිය දිවි නසා ගැනීම් මෑත කාලයේදී නම් අසන්නට ලැබුනේ නැත.  එයින් පෙනෙන්නේ සියදිවි නසාගැනීමේ සෝචනීය පියවර දක්වා ගොවියා මෙහෙයවන වෙළඳපොල බලවේග මෑත යුගයේදී අඩු වී ගොස් ඇති බව නොවේද ? 

සරලව කියනවා නම් දේශීය ගොවියාට යම්කිසි හොඳ කාලයක් ලැබී ඇත. රාජපක්ෂ රජයේ පැවැත්මට මෙය මුලික හේතුවකි.  
  
මේ අය වැය ගෙන බලන්න. මද්යම පාන්තිකයන් මැසිවිලි නගන පාරිභෝගික භාණ්ඩ මත පැනවූ ආනයන   බද්ද බහුතරයක් වූ දේශීය ගොවියාට නම් සතුටට කාරණයක් වන්නේය. 

දැන් මට බනින්න කැස කවාගෙන එන්න එපා. මම මේ රාජපක්ෂ ආණ්ඩුවේ ගුණ කියනවා එහෙම නෙවේ.  බදු වැඩි  කල පමණකින්ම රට දියුණු වේද ? ඇත්තෙන්ම එසේ විය නොහැකියි. එසේ වීමට තවත් දේවල් කීපයක් ඇති විය යුතුයි. නමුත් ඒ දේවල් නම් නම් ඉෂ්ට වෙන පාටක් පේන තෙක් මානයේ වත් නොමැත.  මේ මුලික කරුණු ඉස්ට නොවී අවුරුද්දකට පමණක් බලපවත්වන අය  වැය කින් රටක සංවර්ධනය අපේක්ෂා කිරීම නම් විහිළුවකි.

මොනවාද මේ මුලික කරුණු. 


1. දේශපාලන ස්ථාවර භාවය  (යම් පමණකට ලැබී ඇත )
2.  රටේ සංවර්ධනය උදෙසා පිළියෙළ කල ස්ථාවර ,  මධ්‍යම සහ දීර්ඝ කාලින ආර්ථික ප්‍රතිපත්තියක් (පේන තෙක් මානයේ වත් නැත )
3.  දේශීය ව්‍යාපාරිකයාට අල්ලස් , කප්පම් දීමකින්   තොරව  නිදහසේ රටේ ඕනෑම තැනක ව්‍යාපාර ආරම්භ කොට නිදහසේ , පහසුවේ දියුණු කරගෙන යාමට අවස්තාවක්.  (තියෙනවද ?)
4. යටිතල පහසුකම්. (මේක නම් දැන් දියුණු වේගෙන එනවා. ) 

3 comments:

  1. " මේ මුලික කරුණු ඉස්ට නොවී අවුරුද්දකට පමණක් බලපවත්වන අය වැය කින් රටක සංවර්ධනය අපේක්ෂා කිරීම නම් විහිළුවකි."
    Nowadays, it's anyway a විහිළුවකි. So many changes are made before and after a budget, it really has lost its importance, if not the meaning itself.

    ReplyDelete
    Replies
    1. Thanks Pra Jay. Budget should be a complement to a long term successful economic plan. I believe It should describe and execute short term (aka 1 year) economic goals of a country that dictated by a long term plan adjusted to the current world economic and political situations. Now a days it has become a එදා වේල tour.

      Delete
  2. Mahasohon, This is something I wanted to write about the dialogue between Aru and you but I was bit busy and it slipped my mind at the time.
    අරූගේ සමහර අදහස් සමග එකග වෙමි. සතුන්ට මරණ්ය පිලිබදව හෑගීමක් නොමෑත. නමුත් බොහෝ සතුන්ට මිනිසුන් තරමටම වේදනාව දෑනේ. එනිසා ප්‍රමුඛත්වය දිය යුත්තේ සතුන් මෑරීම නෑතිකිරීමට වඩා සතුන්ගේ වේදනාව අවම කිරීමටය. (humane slaughter)
    Mahasohon ගේද අදහසට මම එකග වෙමි. මන්ද මම පුද්ගලිකව මිනිසෙකුට ඔහු ඈයකෑමති වන්නේ ඔහු /ඈය හොදයයි තේරුම් ගත් පසුවය නමුත් සතෙක් පිලිබන්දව මගේ පූර්වනිගමනය ඌ හොදය යන්නය
    Especially, when it comes to dogs, for me any dog is good unless it proves itself to be bad. With humans however, they have to prove that they are good for me to like them. Burden of proof is much greater for humans. I tend to help animal (vote-less, language-less) welfare groups more than human welfare groups.
    BTW, I eat meat but try to avoid beef in SL because of slaughtering methods. I have no problem eating beef in/ from a country with humane (not 100% painless but minimum pain) methods.

    ReplyDelete