Friday 20 February 2015

West - Here I Cum (A.P Jayasinghe)


කොමෙට් එකක් විදියට ලිව්වත් මඳක් දික්වෙච්ච නිසා මෙතන ම දානවා. අනික තව මාස කීපයකටම මේක වැලිඩ්.  

අපේ පැරකුම් සර් ඊයේ ලියපු දිනූ නිදහස අනතුරේ ලිපියට දාපු කොමෙන්ට් දැකල මට හිනාව නවත්ත ගන්න බැරුව ගියා. බොහෝ දෙනෙක්ට තියෙන උභතෝ ඝෝටික ගැටලුව මේ මිනිහට මොලේ අමාරුවක් හැදිලද කියන එක.  සමහර උං හිතන්නේ  පැරකුම් සර් ඩොලර් කුට්ටි වලට තමන්ගේ ආත්මයම පාවල දෙන්න හදනවා කියල. සමහර උංට ඇමරිකන් නිලධාරින් දක්වන අදහස් අතරත් පැරකුම් සර් ගේ ලියවිලි අතරත් ලොකු සමාන කමක් පේනවා. (හේතුව පහල )

මේ වගේ අදහස් දැක්කම එහෙම නොහිතෙනවා නං  වැරදියි.

අපි 2015 ජනවාරි 08දා නම්, ඓතිහාසික ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයකට මුල පිරුවෙමු. ඒ කෙසේ ද?

අපි ප්‍රජාතන්ත්‍ර විරෝධී, දූෂිත, ඒකාධිපති පාලනයක් පැරදවූයෙමු.
අපි සිංහල බෞද්ධ ජාතික ආගමික අන්තවාදයක් පැරදවූයෙමු.
අපි පැවති ජාතිවාදී රජය ආරක්ෂා කර ගන්නට ඡන්ද වර්ජනයක් යෝජනා කළ දෙමළ ඊලාම් ජාතිවාදීන් පැරදවූයෙමු.
පසුගාමී දුෂ්ට පාලනයක් පැරදවීම සඳහා දෙමළ, මුස්ලිම් ජාතිකයෝ සිංහලයන් සමග එක් වූ හ.
  
බ්‍රිතාන්‍ය යටත්විජිතවාදීන්ගෙන් නිදහස් වූ පසු ලංකාව දිනූ ලොකු ම ජයග්‍රහණය වන්නේ දුෂ්ටත්වයේ හා අශිෂ්ටත්වයේ උච්චතම අවස්ථාව වන රාජපක්ෂ පාලනය පැරදවීමයි. එහෙත්, එතනින් සියල්ල අවසන් වන්නේ නැති බව අපි දනිමු. අප ඉදිරියේ අභියෝග දෙකක් ඇත. එකක් අතීත දුෂ්ටත්වයේ අවතාර නැඟී සිටීමයි. අනෙක වන්නේ අරගලය ඉදිරියට ගෙන යාමයි.

ගොඩක් උං හිතනවා වගේ පැරාට පිස්සු නැහැ. බීලත් නැහැ. අතීතය අමතක වෙලත් නැහැ. මෙතන වෙන්නේ මොකක්ද කියල දන්න කට්ටිය කීප දෙනෙක්ම ඉන්න බවත් පෙනෙන්න තියෙන දෙයක්

උඹල හිතන්න එපා පැරකුම් සර් ගේ විචාර බුද්ධිය, සිහි කල්පනාව බල්ලට ගිහිල්ල කියල. ඔහු මෝඩයෙක් කියලත් හිතන්න එපා. ඔහුට MR  සමග ජන්මාන්තර වයිරයක් තියෙනවා කියල හිතන්නත් එපා. කාලයක් තිස්සේ ඔහුගේ ලිපි කියවන කෙනෙක් විදියට මම දන්නවා ඔහුට ලංකාවේ දේශපාලනය ගැන හොඳ විග්‍රහයක් තියෙන බව. ඔහුගේ සාර්ථක තාර්කික දේශපාලන විවේචන දැනගන්න   කලින් ලිපි බලපල්ලා. 
  
පැරකුම් සර් ගේ මේ මෙහෙයුම දැන් ටික කාලයක් තිස්සේ යන දෙයක්. ඔහු බලාපොරොත්තු උනා ජනාධිපති වරණයෙන්  MR දිනයි කියල. නමුත් අවාසනාවට එහෙම උනේ නැහැ. දැන් ඔහු කැපිටලයිස් කරන්න හදන්නේ ඉදිරි මහා මැතිවරණය.  උඹල හිතනවා නං ඔහු ට ඕනේ එයින් UNP  එක දිනවන්න කියල ඒක මෝඩ අදහසක්. පැරකුම් සර්  ට අවශ්‍ය ඒ මැතිවරණය MR  යටතේ SLFP ය ජයග්‍රහණය වනවා දකින්න. බිම් මට්ටමේ  නිදහස් පාක්ෂිකයන් අතර යන රැල්ලට අනුව ඉදිරි මැතිවරණයේදී නිකමටවත් MR පැමිණියොත් විශාල ජයග්‍රහණයක් ලබාගෙන අගමැති දුරයට පත්වීම කාටවත් වලක්වන්න බැහැ.  මෙතෙන්දි තමයි පැරකුම් සර් ගේ පින පෑදෙන්නේ.  පැරකුම් සර් ගේ දේශපාලන ඉව පෙනෙන්නේ මෙතනින්. අන්න ඒක හොඳට  අවබෝධ කර ගනිල්ලා. ඔහුගේ මේ සැලසුම් සහගතව කරන ද්වේශසහගත MR  විරෝධයේ ප්‍රතිපල නෙලා ගන්නේ එතකොට. ඒ කොහොමද ?
      
මගේ යාලුවෝ (අවාසනාවට උං මගේ යාලුවෝ උනේ ඉස්කෝලේ දැන හැඳුනුම් කම මතයි ) දෙන්නෙක් මේ වගේම අන්තර්ජාල මෙහෙයුමක් කළා 2008-2009 වකවානුවේ

උං  දෙන්නා කරේ යුද්ධය විවේචනය කිරීම. හමුදාව අහිංසක ජනතාව  සමුල ඝාතනය කිරීම , යුධ අපරාධ කිරීම , අත්අඩංගුවට ගත් ත්‍රස්තයන් ඝාතනය , දරුවන් ඝාතනය,  ඉස්පිරිතාල වලට බෝම්බ දැමීම වගේ අසත්‍ය කරුණු   ඔවුන් පල කළා. ඒ වගේම රාජපක්ෂ ආණ්ඩුව දරුණු ලෙස විවේචනය කල ජාත්‍යන්තර ජනමාධ්‍ය වල පළවුණු ලිපිත් පරිවර්තනය කොට පල කළා.  විදෙස් දේශපාලකයන්ගේ කුහක  ප්‍රකාශ පරිවර්තනය කරලා ගෙඩි පිටින් දැම්මා.  ජාත්‍යාලයෙන් ඔජ වැටුණු අපේ අයියල , මල්ලිලත් ඒ දවස් වල මේ   අන්තර්ජාල අඩවි වල  හිටු කියල බැනල , තර්ජනය කරලා , කුණුහර්ප කියල කොමෙන්ට් දැම්ම.

යුධ ජයග්‍රහණයෙන්  කීප දිනකට පස්සේ  මේ දෙන්න මිසිං ගියා. එක්කෙනෙක් සංචාරක වීස වලින් ජපානේ ගිහිල්ල දේශපාලන සරණාගත  වීසා වලට අයදුම් කරනකොට අනිකා යුරෝපේ ගිහිල්ල ඒකම කරා. දෙන්නම එක රටට නොගියේ ඔවුන්ගේ අයදුම් පත්‍ර දෙකම එක සමාන නිසා වැඩේ කචල් යයි කියල.  ඔවුන් තමන්ගේ අයදුම් පත්‍ර  වලට ඉදිරිපත් කල සාධක වල මුලටම තිබ්බේ අර කරපු මරණ තර්ජන සහ බැන  වැදීම්.  යුධ විරෝධී පිකටිං වල ගත්ත චායාරුප. දැන් දෙන්නම දෙයියනේ කියල තමන්ගේ දරු පවුල් එක්ක මේ රටවල ඩෝල් එකත් අරගෙන , දරුවන්ට උගන්නගෙන , සයිඩ් එකේ කෑෂ් ඉන් හෑන්ඩ් වැඩකුත් කරගෙන ජොලියේ ඉන්නවා.  

ඔවුන්ගේ ඒ වැඩපිළිවෙලත් , පැරකුම් සර්  ගේ වැඩපිළිවෙලත් අතර විස්මය දනවන සමාන කමක් මට පේන්න තියෙන නිසා තමයි මේ ලියන්නේ.

ෆාරිය පුජකතුමා එද්මොන් දාන්තෙට බිංගෙය තුලදී කියනවා යම්කිසි අභව්‍ය , අස්වාභාවික තර්කානුකුල ලෙස නොපෙනෙන සිදුවිමක ඇතුලාන්තය විමසීමේදී එයින් ප්‍රතිලාභ ලබන උදවිය සම්බන්ධව විමර්ශනය කරන්න කියල (ඒ වගේ රෙද්දක් තමා තිබ්බේ )

හැම තාත්තා කෙනෙක්ට යම්කිසි වයසකදී තමන්ගේ ප්‍රතිපත්ති , ඇදහිලි බල්ලට දාල තමංගේ දරු පවුලේ අභිවුර්ධිය ගැන කටයුතු කරන්න වෙනවා. පැරාත්  ඒ  සංසිධියෙන් බාහිරව ඉන්න නිර්ව්‍යාජය විප්ලව වාදියෙක් කියල  උඹලා හිතනවා නං ඒක වැරදියි. පැරාගේ දරුවොත් දැන් ලොකු මහත් වෙනවා. උන්ටත් බඩගිනි දැනෙනවා. හැම තාත්තා කෙනෙක්ට වගේම පැරා  ටත් තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන හිතේ බරක් තියෙනවා.   භාෂා ගුරුවරෙයෙක්ට සහ හෙදියකට ලැබෙන  සොච්චම් වැටුපෙන් ඔවුන්ට අදකාලේ හැටියට හොඳ වැඩිදුර අධ්‍යාපනයක් දීම සිහිනයක් පමණයි.   අන්තරේ තිරශ්චින නවක වද ගැන සමාජවාදී පක්ෂ ඇතුලේ ඉන්න ඒවුන් ට තියෙන අවබෝධයේ හැටියට පැරා හිතනවා නං  තමන්ගේ දරුවන්ට විදෙස් අධ්‍යාපනයක් ලබා දීම ගැන,  එකේ කිසිම වැරැද්දක් අපිට කියන්නත් බැහැ.

මේ තත්වය යටතේ පැරකුම් සර් අදහස් කරනවා  නං පවතින ව්‍යාකුල දේශපාලන තත්වය කැපිටලයිස් කරලා එයින් තමන්ගේ ජිවිතයට , පවුලේ අභිවුර්ධියට යම්කිසි පියවරක් ගන්න , ඇත්තටම අපි ඒ ගැන සානුකම්පික විය යුතුයි.

අර බස් එකේ හිඟන වකුගඩු රෝගීන්ට රුපියල් 10 විස්සක් දීල උපකාරයක් වෙනවා වගේ , පැරාගේ මේ අහිංසක ව්‍යායාමයට පොඩි දායකත්වයක් දෙන්න උඹලටත් කැමැත්තක් තියෙනවා නං පහත තියෙන කොමෙන්ට් ටෙම්ප්ලේට් ආදර්ශයට අරගෙන w3lanka.com එකේ කොමෙන්ට් කොටපල්ලා.

1. පැරකුම් තොට පිස්සුද ? අපි දන්නවා තොගේ පිස්සුව හොඳ කරන විදිය යකෝ
2. බල්ලා , තොට සුදු වෑන් එකේ යන්න ආසද ?
3. අහුඋනොත් මරනවා තෝව
4. තොගේ ගෙදර මම දන්නවා යකෝ. ගිනි තියනවා දැනගනින්.
5. අපේ ආණ්ඩුව ආවම තෝව ඉතුරු කරන්නේ නැහැ බල්ලා. දරු පවුල පිටිං මරනවා. 

ළමයින්ට මතකයි නේද ඉස්සර   SPC පොත් වල තිබ්බ මෙට්‍රික් චක්කරේ ? අර මිලි ලීටර් 10 = ඩේසි ලීටර් 1 චක්කරේ.

ඒ වගේ දේශපාලන සරණාගත  වීසා වලට අයදුම්  කරන්න ගන්න කොමෙන්ට් කොටනකොටත් දැනුවත් විය යුතු චක්කරයක් තියෙනවා. එක තමයි ..

ඇනෝ කොමෙන්ට් 100 = ප්‍රොෆයිල් කොමෙන්ට් 1
සිංහල කොමෙන්ට් 50 = ඉංග්‍රීසි කොමෙන්ට් 1

අපේ අයියල මල්ලිලා පැරකුම් සර් ට මේ විදියට පොඩි සප් එකක් දෙනවා නං සර් ට තමන්ම තමන්ට බැනගෙන  ඇනෝ කොමෙන්ට් දාගෙන වද වෙන්න ඕන නැහැ. දිවුරුම් පරිවර්තකයන්ට යන මුදලත් ඔහුට ඉතුරුයි.  එහෙම උදව්වක් කරන්නත් බැරි නං ... අහිංසක පැරකුම් සර් ට බැනල පවු පුරෝගන්නේ නැතිව ඔහුගේ මේ අහිංසක වෑයම දිහා උපේක්ෂාවෙන් බලපල්ලා.

සතුටුවෙයල්ලා ... ඉරිසියාව අත  ඇරපල්ලා  ...

22 comments:

  1. PattA.............................. :-)

    ReplyDelete
  2. පුක නෑ ඕයි. එල මචන් !!

    ReplyDelete
  3. දිගටම ලියන්න, අපි බලනවා

    ReplyDelete
  4. Elama kiri machan. Umba nam deyyek. Honda wade oya wage gal moosalayanta ohoma korala madi !

    ReplyDelete
  5. පට්ට එකෙත් උපරිමේ. සිරා සහෝ. දැන් නම් පැරකුම් උන්නැහේ නෝ හෙල්ලුම් පොල් මැල්ලුම් !

    ReplyDelete
  6. ගොඩක් ස්තුතියි මිත්‍රයා.

    ReplyDelete
  7. ඉතාම නිර්මාණශීලී ලිපියක්.

    ReplyDelete
  8. උඹ නියම පොයින්ට් එක හොයා ගත්තා.

    අපි දන්න ලෙක්චරර් කෙනෙක් හිටියා. ඌ අපි එක්ක ආමි එකට සපෝර්ට් එකට කියල පොඩි පොඩි රිසර්ච් වගයක් කරන්න පටන් ගත්තා. මම දිගටම ගියේ නැහැ. අනිත් උන් දිගටම සප් කලා.
    පස්සේ බැලුවම මු තනි බොරුවක් කරලා තියෙන්නේ ආමි එකට සපෝර්ට් කරන නිසා කොටි ඌව මරන්න ඉන්නවා කියල පෙන්නලා ඇමරිකාවේ පදිංචියට යන්න හිතාගෙන.
    අන්තිමට ඌ උගේ වැඩේ කරගත්තා.

    ReplyDelete
    Replies
    1. ඔබටත් බඩගෝස්තරය වෙනුවෙන් රට රටවල ඉමිග්රේෂන් කාර්යාල හමුවේ රටම නිර්වස්ත්‍ර කල හැකි යහළුවෙක් හිඳිම ගැන සතුට (දුක ) ප්‍රකාශ කරනවා

      Delete
  9. පට්ට කතාව ලොක්කා. ඔය විත්තිය මාත් දැන ගත්තේ ඔය බ්ලොග් එකේ ඇනෝ කමෙන්ට් වලින් නිතරම මඩ වදින හිටපු බ්ලොග් එකක් ලියන හිතවතෙක්ගෙන්. මම දවසක් ඔය මඩ කමෙන්ට් එකක් එයාට පෙන්නුව වෙලාවේ හිනා වෙලා කිව්වා -ඕවා ගැන මොකවත් කියන්න යන්න ඕන නැහැ බං ඔය ඔය යකාම දාන ඒවා. ඔය දේම කතන්දරත් කලා. හොදම දේ ඔය පඩංගු කියවන්න නොයා අපේ වැඩක් බලා ගැනිල්ල. උන්ගේ අරමුණ ඉෂ්ඨ වෙන්නේ අපි ඕවට කුපිත වෙලා උත්තර බදින්න හරි ඇනෝ ගහන්න හරි ගියොත් තමා- කියලා. ඒ කතාව ඇත්තම තමයි කියලා එදාටත් වඩා අද තේරුනා.

    ReplyDelete
    Replies
    1. කිසි දිනක මා මගේ බ්ලොග් එකේ හෝ වෙනත් එකක හෝ ඇනෝනිමස් කමෙන්ටු දමා නැති බව ස්ඨීරව පවසමි.

      එසේ කිරීමට මට කිසිදු අවශ්‍යතාවයක් නැත!

      Delete
    2. මෙය දැකීමෙන් පසුව වත් , පැරා මාරයා සම්බන්ධ කොමෙන්ටු කපා හැර තිබෙනු දැකීම සාධනීය ලක්ෂණයක් ලෙස මා දකිනවා

      Delete
  10. තේරුමක් නැති කතාවක් මහසෝන්.

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන්. අනිත් අතට මේ අදහසට පදනමක් නැති නම් පැරකුම් ජයසිංහ උන්මත්තකයෙක් හෝ අල්ස්මයර් රෝගියෙකු ලෙස පිළිගන්න සිදුවෙනවා. අන් කිසි ක්‍රමයකින් ඔහුගේ වත්මන් ලිවීම් ශෛලිය අර්ථ දැක්විය නොහැකියි.

      නමුත් මා මෙය එයට හේතුව ලෙස තෝරා ගත්තා.
      Once you eliminate the impossible, whatever remains, no matter how improbable, must be the truth.
      Arthur Conan Doyle

      Delete
  11. 1 තොට පිස්සුද ? අපි දන්නවා තොගේ පිස්සුව හොඳ කරන විදිය යකෝ
    2. බල්ලා , තොට සුදු වෑන් එකේ යන්න ආසද ?
    3. අහුඋනොත් මරනවා තෝව
    4. තොගේ ගෙදර මම දන්නවා යකෝ. ගිනි තියනවා දැනගනින්.
    5. අපේ ආණ්ඩුව ආවම තෝව ඉතුරු කරන්නේ නැහැ බල්ලා. දරු පවුල පිටිං මරනවා.

    ReplyDelete
    Replies
    1. ආ වැරදුනා. මේකෙ නෙමෙයි පැරාගෙ එකේ නේද දාන්න කිව්වෙ.
      සොරි ඈ.......

      Delete
    2. ප්‍රශ්නයක් නැහැ ... ඔහේට ඉතින් හැමදාම වරදිනවා නේ :P

      Delete
  12. ඇනෝ මිතුරනි , ඔබගේ අදහස් දැක්වීම් වලට ස්තුතියි

    ReplyDelete
  13. //පැරකුම් සර් ගේ දේශපාලන ඉව පෙනෙන්නේ //

    දේශපාලන ඉව?? මැන්ස් බල්ලෙක් ද ඉව තියෙන්න??

    ReplyDelete
  14. අම්මට හුඩු, උඹ මේ පාළු ගෙයි වළන් පොලේ ගහනව නේ හෝසෙට? හෙහෙහ් හෙහ් පැරාට නැවෙන් බැරිනම් බෝට්ටුවෙන් යන්න කියහන්, මොකෝ උඹලත් මරා රට විකුණනව දැක දැක අහක බලන් උන්නෙ.

    ReplyDelete
    Replies
    1. අනේ ඔය මෝඩයෝ රවටන්න කියන බොරු නවත්තපන් බං දැන්. අප්‍රසන්නයි අහන්නත්. කෝ කාටද , කවදද රට විකුණුවේ ? දැන් ජහ පාලන ආණ්ඩුවක් නේ තියෙන්නේ .. ඒව නිවැරදි කරලා අපිටත් කියහන් බලන්න .. ගොබල්ස් ගේ බාප්පා වගේ නේ බන් උඹ :)

      පාලු ගෙයි වලං බිඳින්න වෙලා තියෙන්නේ ජහ පාලන කාරයෝ දැන් කොමෙන්ට්ස් මොඩරේට් කරන නිසා නේ...
      මෙන්න මම පැරාගේ ගූ කනත්තේ දාපු පල නොවුණු කොමෙන්ටුව:

      ඔබ සහ පැරකුම් ත් පච වෙලා කුජීත ඉන්නේ. කොමෙට් මොඩරේෂන් අර වෙන විකල්පයක් නැහැ. චන්ද්‍රිකාට හූ මොඩරේෂන් දාන්න බැරි කමට හූ අහ ගත්තා.

      මේ ක වත් පල නොකරන තරමට එන්න ටෝයියෝ කොච්චර පිරිහෙන්න ඕනෙද ?

      Delete