Friday 4 September 2015

මේ ආණ්ඩුව පට්ට ඕයි !




කලින් අකමැත්තෙන් සිටියත් , මානම් ඇත්තටම මේ ආණ්ඩුවට සහ මය්ත්‍රී ට දැන් කැමතිය. ඔවුන් හැකි සෑම උත්සාහයක් ම ගන්නේ තමන් චන්දයට පෙර වුන පොරොන්දු ඉෂ්ට කිරීමටය. ඇත්තටම කියනවා නම් මේ ආණ්ඩුව තරම් ජනතාවට දුන් පොරොන්දු අකුරක් නෑර ඉෂ්ට කිරීමට උත්සාහ කරන , ඒ වෙනුවෙන් අන්තිම දහදිය බින්දුව දක්වා කැප වෙන ආණ්ඩුවක් මෑත ඉතිහාසයේ නම් මම දැක නැත. සාමාන්‍යයෙන් වෙන්නේ එහි අනිත් පැත්තය. මැතිවරණ සමයේ දුන් පොරොන්දු දිනුවාට පසුව දුන්නා දැයි කියාවත් නොදන්නා සේ හැසිරෙන මෑත කාලින දේශපාලන සන්ධර්භය තුල මේ ආණ්ඩුවේ වගකිව යුතු සියලු දෙනා තම පොරොන්දු වලට දැඩි ලෙස බැඳී ඒවා තම වගකීමක් ලෙස සැලකීම ඇත්තටම හොඳ ආණ්ඩුවක ලක්ෂණයක් බව සිතමි.

උදාහරණ ගන්න.
මය්ත්‍රී පත්වුණේ UNP චන්ද වලිනි. ඔහු මේ දක්වා සෑම පියවරක් ම ගන්නේ තමන් පත් කල පක්ෂයට , ජනතාවට සාධාරණය ඉෂ්ට කිරීමටය. එහි ඇති වැරැද්ද කුමක් ද ? නිදහස්පක්ෂ කාරයන් වල්ගේ පාගා ගෙන මය්තිරි “අපේ එකෙක්” කියා සිතීම , මය්තිරි පස්සේ වැටීගෙන යාම , පක්ෂය ඔහුට පාවා දීම ඔවුන්ගේම මන්ධ බුද්ධික බවේ පිලිඹුවකි.

මය්ත්‍රී පැහැදිලිවම කවුරු දිනුවත් තමන් පත් කරන්නේ හවුල් ආණ්ඩුවක් බව කිව්වේය. ජනතාව කැමති විය. UNP එක ට බහුතර බලයක් දී එය ප්‍රධාන පක්ෂය කළේය. හරි නේ.

රනිල් පැහැදිලිවම දිනුවොත් මත්තල වී ගබඩා කරන බව කිව්වේය. කිව්ව ලෙසම දැන් කරයි. ජනතාව බහුතරයකින් ඔහු බලයට පත් කලේ එය ඔවුන්ගේ කැමැත්ත වූ නිසාය. රනිල්ට බනින්නේ ඇයි? ඔහු කරන්නේ ජනතාව ඔහු පත්කළ කාරනා ඉස්ට කිරීමය.

රනිල් , මය්ත්‍රී රණ විරුවන් සහ මහින්ද . ගෝඨාභය උධ අපරාධ වලට වැරදි කරුවන් කර දඬුවම් කරන බව කිව්වේය. ජනතාව එයට කැමති වී බලය දුනි. දැන් ඔවුන් එය කරයි. මේ ජනතා කැමැත්තට හිස නැවීම නොවේ නම් වෙන කුමක් ද ?

ජනතාව මහබැංකු ගනුදෙනුව අනුමත කළහ. එයට වගකිව යුත්තන් උඩින්ම පත් කර ගතහ. ෆෙඩරල් විසඳුමක් UNP ආණ්ඩුවක් විසින් ගෙන එන බව නොදන්නා කෙනෙක් නොසිටියහ. එසේම බහුතර ජනතාව එය අනුමත කර ඇති බව පෙනේ. එමෙන්ම ආණ්ඩුවද තම පොරොදු දුන් ලෙසම ඉෂ්ට කරමින් ෆෙඩරල් දිශාවට යන බවද පෙනේ.

තව මේ වගේ කරුණු ගණනාවක් දැක්විය හැක. නමුත් එකක් පැහැදිලිය. මේ ආණ්ඩුව තමන්ගේ පොරොන්දු දුන් ආකාරයෙන්ම ඉෂ්ට කිරීමට අධික උනන්දුවක් දක්වන බවය. බහුතරයක් ජනතාවට අවශ්‍ය වුනේ එය බව ද පැහැදිලිය. එය සාධනීය ලක්ෂණයක් නොවන්නේද ?

එසේ නම් කුමට අඬන් නේද ? මේ බහුතරයට අවශ්‍ය විදියට රට ගෙනියනවට අකමැති කෙනෙක් ඉන්නවා නම් නම් වෙන රටකට ගොස් සැපසේ ඉඳපල්ලා බං .

17 comments:

  1. අපි මෙහෙම හිතමු .මිනිස්සු සුලු ප්‍රමාණයකුයි හරක් විශාල ප්‍රමාණයකුයි එක භූමියක ඉපදෙනවා. ඒ රටේ ප්‍රජාතන්ත්‍ර වාදයට අනුව මිනිස්සුන්ගෙයි හරකුන්ගෙයි අයිතිවාසිකම් සමානයි.හරකුන් තමන්ට සුදුසුයි කයලා හිතෙන නායකයා තෝර ගන්නවා. මිනිසුන් බලා සිටිය යුතුද? හරකුන් manipulate කිරීමට ක්‍රම වේදයක් නැත්ද? හරකුන්ට බැන බැන සිටීම පමණක් මිනිස් කමට තරම් වේද? ඔවුන් හරකුන් නිසා ඉතාම බුද්ධිමත් උපාය ශීලී ක්‍රමයක් අනුගමනය කිරීමෙන් ඔව්න්ව අපට උවමනා ආකාරයට හැසිරවීමට බැරිද? මෙතෙක් අපට සිටි ගොපල්ලා අසාමන්‍ය ලෙස අක්‍රය වී ඇති නිසා අපට වෙනත් ගොපල්ලෙක් සොයා ගනීමට බැරිද?
    Samare

    ReplyDelete
    Replies
    1. හරකුන් වැඩි ප්‍රමාණයක් සිටියදීම දියුණු වූ රටවල් තිබේ. නමුත් ඒ රටවල සර්වජන චන්ද බලය නැත. ජනතා හිතවාදී එකාදිපති නායකයෙක් වසර 30 පමණ පාලනය කර රට යම් තත්වයකට ගෙන ඒමට සමත් වේ. දකුණු කොරියාවේ සිවිල් යුද්ධයෙන් පසුව තිබු මිලිටරි පාලනය උදාහරණයකි. චීනය තවත් උදාහරණයකි. නමුත් ඒ සමගම හරකුන්ගේ බුද්ධි මට්ටම ඉහල නොදැම්මොත් , හෝ හරකුන්ගේ දේශානුරාගය ඉහල දන්වා නොගත්තොත් ඒ නායකයාගෙන් පසු රට නැවත අරාජික වේ. හරකුන් සමගම සර්ව ජන චන්ද බලය යටතේ දියුණු වුන රටක් ලෝක ඉතිහාසයේ නං නැත.

      Delete
    2. මගේ අදහස නම් මිනිසුන් රැවටීම ඉතා පහසු බවය. ඔවුන් බුද්ධි මට්ටම අනුව වර්ගීකරනය කලයුතු අතර එක් එක් වරගයට ගැලපෙන දේ ලබා දීම මගින් ඔවුන් සියල්ලගේම සිත් දිනා ගත යුතුය.උපාය ශීලී වීම මෙන්ම මුදල් වියදම් කිරීමද අත්‍යවශ්‍ය වේ. කිසි කමකට නැති චිත්‍ර පටයක් වෙලෙඳ දැන්වීම් මගින් ආදායම් වාර්තා තබන මට්ටමට පත්වන බව ඔබ දැක ඇතැයි සිතමි. ඒකාධිපති වාදය ගැන කතා කර වැඩක් නැත. ඇමරිකාව වැනි රටවල් දියුනු වී ඇත්තේ ඒකාධිපහි වාදයෙන්ද? අපේ රටේ තරමටම නැතත් ඕනෑම රටක වැඩි ප්‍රතිශතයක් ඇත්තේ ගොනුන්ය. ගොනුන් මෙහෙයවීමේ කලාව එම රට වල දේශපාලන්ඥයින් ප්‍රගුණ කර ඇත ඔවුන් අපේ රටට යෙදුවේද එම උපක්‍රමයයි.

      Delete
    3. කනගාටුයි යාලුවා. ඔබට ලෝකයේ ඉතිහාසය , දේශපාලනය , ආර්ථිකය ගැන අබමල් රේණුවක අවෝධයක් ඇති බව මට නං නොතේරේ. අනිත් මල් මල් සිහින ගැන කතා කිරීම පැත්තක තියා ඇමරිකාව ගම්මු.

      1. ඇමරිකන් ජනතාව ප්‍රථමයෙන් අධිරාජ්‍යවාදීන් පලවා හැරියෝය
      2. සිවිල් යුද්ධය මගින් සියලු ප්‍රතිගාමී හරක් බලවේග පරාජය කළේය. නැත්නම් මරා දැම්මේය. (මිලියනයක් පමණ හරක්)
      3. කිසිම විදියකින් චන්ද ලබා ගැනීමට , දේශපාලන අරමුණු උදෙසා ජනතාවට අල්ලස් නොදුන්නේය. මිනිස්සුන්ට තමන්ගේ මහන්සියෙන් නැගී ඉන්නට අවස්තාව දුන්නේය. (post 1929 )
      4. හිපි සංස්කෘතිය ඇති වෙන තෙක් ඇමරිකාව දේශානුරාගය උපරිමයට තිබ්බ රටකි. ඒ රටේ දියුණුව ඇති උනේද ඒ කාලයේ ම වීම අහම්බයක් නොවේ. අසුචි ලංකාවේ රණවිරුවන් පෝරකයට යවයි. යුධ නායකයන් හේග් යවයි. මෙහෙවූ කාලකන්නි තිරිසන් බල්ලන් සිටින රටක් දියුනුවේද යාලුවා.!

      ඇමරිකාවට දැන් හොඳයි කියන්නේ එහි වර්තමාන තත්වය ගැන මෙලෝ හසරක් නොදන්නා මිනිස්සු ය. ඇමරිකාව ලෝකයට ට්‍රිලියන 18 නය වී සිටීමට , එහි සිටින හරක් සමුහයට ඔබ කියන ආකාරයට "සියල්ලගේම සිත් දිනා ගත යුතුය.උපාය ශීලී වීම මෙන්ම මුදල් වියදම් කිරීමද අත්‍යවශ්‍ය වේ." මුදල් වියදම කර Social Security දීම ද හේතුවක් වී ඇත. ඔබාමාගේ ගොබ්බ වැඩ ගැන රටට ආදරය කරන මිනිස්සු කම්මුලේ අත තබාගෙන හුල්ලමින් බලා සිටිති. 1980 ගණන් වල සිට ඇමරිකාව යන්නේ ඩවුන් ද පල්ලන් ය. තොරතුරු තාක්ෂන විප්ලවය නොවෙන්නට ඇමරිකාවට සොරි වෙන්නේ ගොඩ දවසකට කලින් ය.

      Delete
    4. I don't believe history repeats itself. I believe everything changes.Even human attitudes.I am an optimistic person. I will keep on dreaming. Thanks all the same.

      Delete
    5. Those who cannot remember the past are condemned to repeat it - George Santayana

      Delete
  2. Some racist is using your name in face book.

    ReplyDelete
    Replies
    1. ///That would be me./// ++++++++++++++++++
      පට්ට කමෙන්ට් එක...

      Delete
    2. https://www.facebook.com/mahasohon.pilliya

      Delete
    3. ඉහත ලින්ක් එක අයිති හරකාත් ඔබත් එක්කෙනෙක් කියලද කියන්නෙ? පුදුමෙකුත් නෑ. Dr, Jekyl and Mr. Hyde.

      Delete
    4. Anonymous says : Dr, Jekyl and Mr. Hyde.
      ලොල් කෝටියයි ..

      ඇයි එකේ තියෙන ඒවා දැකල ඇනෝ ටොයි හරකට රිදුනද. පවු .. රනිල්ගේ ගුදයේ නිපදෙන ටොයියාලේපය පාවිච්චි කරපං ...

      Delete
  3. පසු ගිය අඩ වසක පමණ කාල පරිච්ඡේදය තුල සිදු වූ සියල්ල සලකා බැලීමේදී පැහැදිලි වන්නේ පහත සඳහන් කරුනුය.

    රටේ ආරක්ෂාව හා සංවර්ධනය ගැන පිටතින් සිටින පුද්ගල්යින්ට ඇති උනන්දුව හා දැනුම දේශපාලනඥයින්ට නොමැති බව. දේශපාලනඥයින්ගෙන් සියයට අනූවක් පමණ තරමක් බුද්ධියෙන් අඩු ප්‍රතිපත්ති ඇත්තේම නැති හා රට ගැන අල්පමාත්‍රයක ආදරයක් නැති. කොටසක් බව.ඔවුන්දේශපාලනයේ නියැලෙන්නේ බලය වරප්‍රසාද වෙනුවෙන් පමණක් බව.
    රටේ ජනතාව දෙස බැලූ විට රටේ දේශපාලන පසුබිම ගැන නිවැරදි අවබෝධයක් ඇත්තේ ඉතාම සුලු පිරිසකට බව. යමක් පැහැදිලි කර දීමේදී පවා එය තේරුම් ගැනීමේ හැකියාව ඇත්තේ ඉතා සුලු පිරිසකට බව.

    රටේ ජනතාව තම නියෝජිතයා පත් කර ගැනීමේදී ලකුණු දෙන ප්‍රධාන කරුණු නම්,
    1) ජනතාවට ඉතාම සමීප බව හා නිහතමානීබව, ජනතාවගේ ප්‍රශ්න වලට සංවේදීව හා විවේකීව ඇහුන් කම් දීම(ප්‍රස්ශ්න විසඳීම එතරම් වැදගත් නැත.)-ලකුණු 90%

    2) සුන්දර පෙනුමකින් හා ප්‍රසන්න පෞරුෂයකින් යුක්ත වීම. මුඛරී බව හා විහුළු කිරීමේ හැකියාව ගීත ගැයීමේ හැකියාව.-ලකුණු 60%

    3) එම පුද්ගලයා හොඳ අයකු බවට වෙනත් අය විසින් නිර්මාණය කල විශාල රැල්ලක් තිබීම.- 50%

    4) ප්‍රදේශයට යම් කැපී පෙනෙන සේවාවක් ඉටු කර තිබීම. ලකුණු-30%
    5) ජනතාවට විශාල වශයෙන් තෑගි බෝග දීම-30%
    6 )රැස්වීම් වල හා මාධ්‍ය සාකච්ඡාවල යෙදීම නිතර රූපවාහිනියෙන් පෙන්වීම-30%
    7) සිත් ගන්නා සුලු මැතිවරණ පොරොන්දු-10%
    8) වෙලෙඳ දැන්වීම්-5%
    9) අපේක්ෂකයාගේ බුද්ධිමත් බව උගත් බව හා දේශපාලන දෘෂ්ටිය-0.5% (මෙම 0.5% ලැබෙන්නේ ඡන්ද දායකයින්ගෙන් 0.5% ක්-50,000ක් පමණ වන තර්කානුකූලව සිතීමේ හැකියාව ඇති මිනිසුන්ගෙනි.අප පසු ගිය කාලය තුල සිදු කළ පැහැදිලි කිරීම් තේරුම් බේරුම් කිරීම් අදාල වන්නේ මේ සුලු කොටසට පමණි.
    ජනාධ්පති වරණයකදී මෙම කරුනු ආදේශ කලයුතු වන්නේ එක් පුද්ගලයකුට පමණක් වුවත් මහ මතිවරනයකදී සියලුම අපේක්ෂකයින්ට ලකුණු තිබිය යුතුය. ඒ සඳහා ප්‍රායෝගිකව ප්‍රාදේශීය වශයෙන් විශාල මෙහෙයුමක් අවශ්‍යය.
    පීඩාකාරී සැක සහිත පරිසරයක එකිනෙකාව බැඳ තබීමට මහින්ද රාජපක්ෂ හැර වෙනත් පොදු සාධකයක් නැති, බුද්ධියෙන්ද හීන දේශ පාලනඥයින් පිරිසක් මේ තරමට ජයග්‍රහණය කිරීම ප්‍රමාණවත් අතර, මැතිවරනයෙන් පසු ඔවුන් හැසිරෙන ආකාරයෙන් දේශපාලන වශයෙන් ඔවුන් එකිනෙකාගේ ගුණාත්මක භාවය ගැන ඉතාම හොඳ තක්සේරුවක් අපට ලබා ගත හැකිය.
    මුලු පාර්ලිමේන්තුවේම රටට හිතකර මන්ත්‍රීවරු සිටින්නේ 20 කටත් අඩු ප්‍රමාණයකි. පසුගිය දස වසර තුලත් සිටියේ මේ පිරිසම වුවත් ඒ කාලයේ තිබූ විශිෂ්ට නායකත්වය තුලින් එම අඩුපාඩුව පියවනු ලැබීය.එහෙත් දැන් නායකයෙක් නොමැති බව අප අකමැත්තෙන් වුවත් පිලිගත යුතුය. ජනාධිපති වරනයෙන් පසුව මහින්දව අමාරුවෙන් කෙලින් කර ගෙන තල්ලු කරගෙන ආවා මිස ඔහු කැමැත්තෙන් ආවා නොවේ. දැන් අලුත් නායකයෙක් කොතැනකින්හෝ බිහිවිය යුතුය.

    ReplyDelete
    Replies
    1. එකඟයි. දියසේන කුමරා බිහි වෙන තුරු අපි බකං නිලාගෙන ඉඳිමු .

      Delete
    2. බකන් නිලාගෙන ඉන්නවා නෙවෙයි. දැන්ම වැඩ පටන් ගත යුතුයි. අපි අලුත් දේශපාලන පක්ෂයක් පටන් ගත යුතුයි. එහි කළලය විය යුත්තේ ජාතික නිදහස් පෙරමුන හෝ පිවිතුරු හෙල උරුමයයි. ජේ එන් පී වඩාත් සුදුසු වන්නේ එහි සෛල 5 ක් පිහිටා තිබීමත් එයට කිසිම ජාතිවාදී පදනමක් නොතිබීමත් නිසාය. මෙම කළලය ගසක් බ්වට පත් කිරීමට අවශ්‍ය පෝෂනය ලබා දිය යුත්තේ ජනතාව වන අප විසිනි.පෝෂණය නම් උගතුන් විසින් ලබා දෙන දැනුම හා ධනවතුන් විසින් ලබා දෙන මුදල්ය.එම ගස සැම කෙනෙකුම වශී කල හැකි සිත් ගන්නා මල් වලින් පිරී යා යුතුය. එම මල් වල සුවඳ හා පරාග රට පුරා පැතිර වීමට අධාර විය යුත්තේ අපය. එහි හැම ඵලයක්ම ප්‍රතිපත්ති ගරුක බුද්ධිමත් පුද්ගලයකු විය යුතු අතර ගව පාලනය ප්‍රගුණ කල අය වියයුතුය. එහි ඵල හා බීජ රට පුරා ප්‍රචාරනය කිරීමට අධාර කල යුත්තේ අපය. තව එකක් කිව යුතුය මේ ගසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වතුර පොදක් වත් අවශ්‍ය නැත.

      Delete
  4. මේ සේරම වෙන්න ඉඩ තියෙන බව ජනවාරි 8 වනදාම පෙනෙන්න තිබුණා. අපිනම් රටේ ජතික අනන්‍යතාවය හා ආරක්ෂාව පැත්තේ ඉඳගෙන මහින්ද මහත්තයට චන්දේ දුන්නා. නමුත් මොකක් හරි අවාසනාවකට සකලවිධ විජාතික පරයන් අපටත් රටටත් එරෙහිව එක් පැත්තක ඉඳන් උන්ගේ අපේ රට මෙහෙයවන නායකයව තේරුව චන්දෙන් උන්ගේ පැත්තට චන්දේ දෙන්න අපේම අමන හරක් රැලක් ඉදිරිපත් උනා.

    ReplyDelete
  5. Followers gadjet එකත් බ්ලොග් එකට එකතු කරගන්න. එතකොට අපට බ්ලොග් එකත් එක්ක ලේසියෙන් සම්බන්ධ වෙන්න පුළුවන්.

    ReplyDelete